Friday, September 18, 2009

( ගිනි මද්දහන ගැන පැවසූ දෙසුම )

මජ්ඣන්තික සූත්‍රය

( ගිනි මද්දහන ගැන පැවසූ දෙසුම )

232. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකයි වාසය කළේ. එදා ඒ වන ලැහැබට අරක්ගත් දෙවියා ඒ භික්ෂුව වෙත ගියා. ගිහින් ඒ භික්ෂුව සමීපයේ මේ ගාථාව පැවසුවා.

“ගිනි මද්දහනේ කුරුල්ලන් හයියෙන් තටු සලා කෑගහන කොට මහා වනාන්තරයම හඬ තලනවා වගෙයි. එතකොට මට බියක් දැනෙනවා.”

(භික්ෂුව) :

“ගිනි මද්දහනට කුරුල්ලන් හයියෙන් තටු සලා කෑගහන කොට මහා වනයම හඬ තලනවා වගේ තමයි. නමුත් මං ඒකට හරි කැමතියි.”

සාදු! සාදු!! සාදු!!!




ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
9.1.13.
පාකතින්ද්‍රිය සූත්‍රය
( සිත දියුණු නොකළ භික්ෂූන්ට පැවසූ දෙසුම )
233. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල බොහෝ භික්ෂූන් වහන්සේලා කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. ඔවුන් හරි උඬඟුයි. හිතට අරගෙන හිටියේ. චපලයි. කට වාචාලයි. සිහියෙන් තොරයි. අවබෝධයෙන් තොරයි. සිත සමාහිත නෑ. විසිරුණු සිත් ඇතිව නොදියුණු සිතකින් තමයි සිටියේ.

එතකොට ඒ වන ලැහැබට අරක්ගත් ඒ දෙවියාට ඒ භික්ෂූන් ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්න කැමති වුනා. ඒ භික්ෂූන්ව සංවේග කරවන්න කැමති වුනා. ඒ භික්ෂූන් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂූන්ට ගාථාවලින් පැවසුවා.

“ඒ කාලෙ ගෞතම ශ්‍රාවක වූ පින්වත් භික්ෂූන් වහන්සේලා සැපසේ ජීවත් වුනා. ආශා රහිතවම යි පිණ්ඩපාතේ වැඩියේ. ආශා රහිතවම යි සෙනසුන් වල හිටියේ. ලෝකය අනිත්‍ය බව අවබෝධ කරගෙන, උන්වහන්සේලා දුක් කෙළවර කළා. (ඒ වුණාට දැන්) පෝෂණය කරන්නත් දුෂ්කරයි. තමන්ගේ ගමේ ගම් දෙටුවෝ වගේ. අනුන්ගේ ගෙවල්වල ගිහින් කකා, බිබී මුසපත් වෙලා ඒකෙම වැටෙනවා.

මං සංඝයාට වැඳලයි මේ කියන්නෙ. සමහර උදවිය ඉන්නවා ඒ විදිහට. බුද්ධ ශාසනෙන් බැහැරව ඔවුන් අනාථ වෙලා ඉන්නෙ. ඔවුන්ගේ ජීවිතේ අමු සොහොනෙ දාපු මළකඳන් වගේ.

යමෙක් ප්‍රමාදීව ඉන්නවා නම්, අන්න ඒ උදවියටයි මං මේක කිව්වේ. යමෙක් අප්‍රමාදීව ඉන්නවා නම්, මං උන්වහන්සේලාට නමස්කාර කරනවා.”

එතකොට ඒ භික්සු පිරිස, ඒ දෙවියා විසින් සංවේගයට පත් කරවලා, සංවේග වුනා.

සාදු! සාදු!! සාදු!!!




ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
9.1.14.
පදුම පුප්ඵ සූත්‍රය
( නෙළුම් මල ගැන පැවසූ දෙසුම )
234. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. එදා ඒ භික්ෂුව පිණ්ඩපාතෙ කරගත්තාට පස්සේ පොකුණකට බැහැලා නෙළුම් මලක් අල්ලලා ඉම්බා.

එතකොට ඒ වන ලැහැබට අරක්ගත් දෙවියෙකුට ඒ භික්ෂුව ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්නට කැමති වුනා. ඒ භික්ෂුවට සංවේග ඇතිකරවන්නට කැමති වුනා. ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට ගාථාවකින් පැවසුවා.

“නිදුකාණන් වහන්ස, වතුරේ හටගත් ඔය නෙළුම ඔබට කවුරුවත් දුන්නෙ නෑ. නමුත් ඔබ ඒක ඉම්බා. ඕකත් එක්තරා හොරකමක්. ඕකෙන් ඔබ සුවඳ හොරෙක් වෙනවා.”

(භික්ෂුව) :

“ඉතින් මං ඒ මල ගෙනියන්නෙ නෑනෙ. කඩන්නෙත් නෑනෙ. දුර ඉඳලනෙ ඉම්බෙ. එහෙම එකේ සුවඳ හොරෙක් කියල කියන්නෙ මොන දේකින්ද?”

(දෙවියා):

“යම් කෙනෙක් නෙළුම් අල ගැලෙව්වාට, නෙළුම් මල් කැඩුවාට, ඒ අපිරිසිදු ජීවිකා ඇති තවුසන්ට සුවඳ හොරා කියල කියන්නෙ නැත්තෙ ඇයි?

ඒ පුද්ගලයා අපිරිසිදු ක්‍රියාවෙන් වෙලිච්ච කෙනෙක්. ඔහුගේ ජීවිතය කිරි අම්මාගේ ඇඳි වතේ මළ මුත්‍ර තැවරුණා වගේ. එබඳු අය ගැන මගේ කතාවක් නෑ. නමුත් ඔබට නම් මේ ගැන කියන්න ඕන.

උපක්ලේශ නැති කෙනෙකුට නිතරම පිරිසිදු බවම සොයන කෙනෙකුට අස් ලොමක අග ගෑවුණු පොඩි වරද පවා වළාකුලක් වගේ ලොකුවට පේනවා.”

(භික්ෂුව) :

“පින්වත් දෙවිය, ඇත්ත වශයෙන්ම ඔබ මං ගැන දන්නවා. ඔබ මට අනුකම්පා කළා. පින්වත් දෙවිය, ආයෙමත් ඔය වගේ වරදක් දැක්කොත් ඒක මට පෙන්නලා දෙන්න.”

(දෙවියා) :

“පින්වත් භික්ෂුව, මං ඔබ නිසා ජීවත් වෙන කෙනෙක් නොවෙයි. මං ඔබේ දාසයෙකුත් නොවෙයි. යම්කිසි දේකින් සුගතියට යනවා නම්, ඒක ඔබම නෙව දැනගන්න ඕන.”

එතකොට ඒ භික්ෂුව ඒ දෙවියා විසින් සංවේග කරවීමෙන් සංවේගයට පත් වුනා.

සාදු! සාදු!! සාදු!!!

Monday, August 31, 2009

ආයාචන සූත්‍රය

6. බ්‍රහ්ම සංයුත්තය

1. කෝකාලික වර්ගය

6.1.1.
( බ්‍රහ්මාරාධනය අරභයා වදාළ දෙසුම )
172. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයේ, නේරංජනා නදිය අසල, අජපල් නුග රුක් සෙවනේ වැඩසිටියේ. ඒ සම්බුද්ධත්වයට පත් වූ මුල් කාලයයි.

එතකොට හුදෙකලාවේ භාවනාවෙන් වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ ගේ සිතේ මේ වගේ කල්පනාවක් ඇතිවුනා.

“මම මේ අවබෝධ කරගත් ධර්මය හරි ගැඹුරුයි. අමාරුවෙන් දකින්න ඕන. අවබෝධයට දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. තර්ක කරලා දකින්න පුළුවන් දෙයක් නොවෙයි. සියුම්. නුවණැත්තන් විසින්ම දැක්ක යුතු දෙයක්. ඒත් මේ සත්ව ප්‍රජාව නම්, ආශාව තුළ ඉන්නෙ. ආශාවට ඇලිල ඉන්නෙ. ආශාවෙන්ම සතුටු වෙනවා. ඉතින්, ආශාව තුළ ඉන්න, ආශාවටම ඇලුන, ආශාවෙන්ම ප්‍රමුදිත වන මේ සත්ව ප්‍රජාවට හේතුඵල දහම ගැන කියවෙන, මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කිරීම ඉතා දුකසේ කළ යුතු දෙයක්. ඒ වගේම සියලු සංස්කාරයන් සන්සිඳවන, සියලු කෙලෙස් දුරු කරවන, තෘෂ්ණාව නැති වී, විරාගය, නිරෝධය නම් වූ ඒ අමා නිවන සාක්‍ෂාත් කිරීමත් ඉතා දුක සේ කළ යුතු දෙයක්. ඉතින් එහෙම එකේ මං දහම් දෙසන්න ගිහින් අනිත් උදවිය මා කියා දෙන ධර්මය අවබෝධ කරන්නෙ නැත්නම්, ඒක මට මහන්සියක්. ඒක මට වෙහෙසක්.”

එතකොටම භාග්‍යවතුන් වහන්සේට කවදාවත් අහලා නැති මේ ආශ්චර්යවත් ගාථාවන් වැටහුනා.

“මං හරි අමාරුවෙන් අවබෝධ කළේ. අනිත් අයට කියා දීල වැඩක් නෑ. රාගයටත්, ද්වේෂයටත්, යටවෙලා ඉන්න ඒ උදවිය, මේ ධර්මය නම් ලේසියෙන් අවබෝධ කරන්නෙ නෑ.

මේක උඩුගං බලා යන දෙයක්. සියුම්. ගැඹුරුයි. දැකීමට දුෂ්කරයි. ගොඩාක්ම සියුම්. රාගයට ඇලිල ඉන්න උදවිය මේ ධර්මය දකින්නෙ නෑ. අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලයි ඔවුන් ඉන්නෙ.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔය විදියට හිතන කොට, මන්දෝ්ත්සාහී බවටම යි හිත නැමෙන්නෙ, දහම් දෙසීමට නොවෙයි.

එතකොට සහම්පතී බ්‍රහ්මයාගෙ සිතින්, භාග්‍යවතුන් වහන්සේගේ සිතේ ඇතිවෙච්ච කල්පනාව දැනගෙන, මෙහෙම හිතුනා. “අහෝ! භවත්නි ඒකාන්තයෙන්ම ලෝකය ඉවරයි. අහෝ! භවත්නි ඒකාන්තයෙන්ම ලෝකය විනාශ වෙලා යාවි. අහෝ! තථාගත වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිතත් මන්දෝත්සාහී වීමටම යි නැමෙන්නෙ. දහම් දෙසීමට නොවෙයි!”

ඉතින් සහම්පතී බ්‍රහ්මයා බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ, දික් කළ අතක් හකුලනවා වගේ බඹලොවින් අතුරුදහන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහල වුනා.

ඊට පස්සෙ සහම්පතී බ්‍රහ්මයා උතුරු සළුව එක පැත්තකට පොරවගෙන, දකුණු දණමඬල පොළවේ තබාගෙන, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගෙන මෙහෙම කිව්වා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. ඔවුන්ට දහම් දෙසන්න නොලැබුනොත් පිරිහෙනවා. දහම් අසන්න ලැබුනොත් අවබෝධ කරන අය පහළ වෙනවා.” මෙහෙම කියල සහම්පතී බ්‍රහ්මයා ආයෙමත් මේ කරුණ පැවසුවා.

“මගධ දේශයේ කලින් පහළවෙලා තිබුනෙ කෙලෙස් මල සහිත උදවිය විසින් හිතපු අපිරිසිදු මතවාද ගොඩක්. ඒ නිසා අමා නිවන් දොර විවෘත කළ මැනව. නිර්මල බුද්ධි ඇති බුදු සමිඳුන්ගේ ධර්මය ලෝ වැස්සෝද අසත්වා!

ගල් පර්වතයක් මුදුනට නැග ගත් කෙනෙක්, හාත්පස බිම සිටින ජනතාව දකිනවා වගෙයි, හැමදේ දකින මුනිඳුනි, ප්‍රඥාවන්ත මුනිඳුනි, ඒ විදිහටම සද්ධර්මයෙන් කරන ලද සදහම් ප්‍රාසාදයට නැගල, ජාති ජරා දුකින් පෙළෙන, සෝ තැවුල් විඳින ජනතාව දෙස බලන සේක්වා!

මාර යුද්ධය ජයගත් වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. උතුම් ගැල් කරුවාණෙනි, ණය නැති මුනිඳාණෙනි, ලොව සැරිසරා වඩිනු මැනව, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය පහළ වෙනවාම යි.”

එතකොට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාවත් දැනගෙන, ලෝ සතුන් කෙරෙහි පහළ මහා කරුණාවෙන් බුදු ඇසින් ලොව දෙස බලා වදාළා. භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දෙස බලද්දි, ලෝක සත්වයාව දැක්කා. සමහරුන්ට කෙලෙස් ටිකයි තියෙන්නෙ. සමහරුන්ට ගොඩාක් කෙලෙස් තියෙනවා. සමහරුන්ගේ බුද්ධිමය හැකියාව තියුණුයි. සමහරුන්ගේ බුද්ධිමය හැකියාව අඩුයි. සමහරුන්ට තේරුම්ගන්න ලේසියි. සමහරුන්ව තේරුම්ගන්න අමාරුයි. සමහරුන්ට පහසුවෙන්ම තේරෙනවා. සමහරුන්ට අවබෝධ කරවන්න අමාරුයි. සමහරු පරලොව ගැනත්, වැරදි ගැනත් භය ඇතුව ඉන්නවා. සමහරු පරලොව ගැනත්, වැරදි ගැනත් කිසි භයක් නැතුව ඉන්නවා.

මේ ලෝකය විලක් වගෙයි. ඒ විලේ මහනෙල් තියෙනවා. නෙළුම් තියෙනවා. සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම්, වතුරෙ හැදිල, වතුරෙ වැඩිල, ඒත් උඩට මතු නො වී වතුරෙ ගිලී තියෙනවා. සමහර මානෙල්, නෙළුම්, සුදු නෙළුම් වතුරෙ හැදිලා, වතුර වැඩිලා, වතුරෙන් උඩට ඇවිත් වතුරෙ ගෑවෙන්නෙ නැතුව තියෙනවා. අන්න ඒ විදියම යි භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දිහා බලද්දි, ලෝක සත්වයන්ව දැක්කා. සමහර සත්වයන්ට කෙලෙස් ටිකයි තියෙන්නෙ. සමහර සත්වයන්ට කෙලෙස් ගොඩක් තියෙනවා. සමහර සත්වයන්ගේ බුද්ධිමය හැකියාව තියුණුයි. සමහර සත්වයන්ගේ බුද්ධිමය හැකියාව මෘදුයි. සමහර සත්වයින්ව තේරුම්ගන්න ලේසියි. සමහර සත්වයින්ව තේරුම්ගන්න අමාරුයි. සමහර සත්වයින්ට අවබෝධ කරවන්න ලේසියි. සමහර සත්වයින්ට අවබෝධ කරවන්න අමාරුයි. සමහර සත්වයින් පරලොව ගැනත්, වැරදි ගැනත් භය ඇතුව ඉන්නවා. සමහර සත්වයින් පරලොව ගැනත්, වැරදි ගැනත් බය නැතුව ඉන්නවා. මේ විදියට ලෝක සත්වයන් දැකපු භාග්‍යවතුන් වහන්සේ සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පිළිතුරු දුන්නා.

“ලෝක සත්වයන්ට අමා නිවන් දොර විවෘත කළා. සවන් යුග ලබාගත් පින්වතුන්ට දැන් ශ්‍රද්ධාව ඇති කරගන්ට කාලයයි. පින්වත් බ්‍රහ්මය, මං හොඳින් ප්‍රගුණ කළ මේ ප්‍රණීත ධර්මය මිනිසුන්ට නොකීවේ එය වෙහෙසක්ය යන හැඟීම නිසයි.”

එතකොට සහම්පතී බ්‍රහ්මයා ‛භාග්‍යවතුන් වහන්සේ විසින් සදහම් දෙසන්නට ඉඩ ප්‍රස්ථා ලබාගත්තා’ යි සිතල භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල ප්‍රදක්‍ෂිණ කරලා, එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!




ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

Thursday, August 20, 2009

ආරාම දුෂක ජාතකය

තවද එක්සමයෙක්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ කොසොල් රට එක්තරා ගෙමෙක්හි වසනසේක් උධ්‍යානයක් දුෂ්‍ය කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් වහන්සේ වනාහී කොසොල්රට සැරිසරා වඩනාසේක් එක්තරා ගමකට පැමිණිසේක. ඒ ගමෙහි වසන එක් කෙළඹි පුත්‍රයෙක් සර්වඥයන් වහන්සේට ආරාධනා කොට තමාගේ උයනෙහි වැඩහිඳිනට සලස්වා බුදු පාමොක් මහා සංඝයාවහන්සේට දන්දී ස්වාමින් වහන්සේලා කැමති පරිද්දෙන් මේ උයනෙහි හැසිරෙන සේක්වයි කීයේය. භික්ෂූන් වහන්සේලා උන් තැනින් නැගී සිට උයන්ගොව්වා ගෙණ උයනෙහි හැසිරෙන්නාහූ එක් එලිවූ තැනැක් ඝනවූ ඡායාව ඇත්තේය මෙතැන්හි වෘක්‍ෂයක් හෝ ගසෙක් හෝ නැත්තේය. කවර කාරණයෙක්දැයි විචාළාහ. ස්වාමීන් වහන්ස මේ උද්‍යානය ගස් රෝපනය කරණ කල්හි ගම්දරුවෙක් දිය ඉස්නේ මෙතැන්හි පැල වුල් උදුරා මුල් මපණින් දිය ඉස්සේය. ඒ රුක්පැල මලානිකව මලේය. මේ කාරණයෙන් මේ ස්ථානය එලිවූයේයයි කීය. භික්ෂූන් වහන්සේලා සර්වඥයන් වහන්සේ කරා එලඹ මේ කාරණාව දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ මහණෙනි ඒ ගාමාදාරකතෙමේ ආරාමය දුෂ්‍යකෙළේ දැන් මතු නොවෙයි පූර්වයෙහිත් ආරාමය දූෂ්‍යකෙළේම යයි වදාරා ඉකුත්වත් කථාව වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි බරණැස් නුවර නකත් කෙළියට ඝෝෂා කළාහුය. නක්‍ෂත්‍ර හෙරි ශබ්දය ඇසූතැන්පටන් සියලු නුවර වැස්සෝ නකත්කෙළි ආශ්‍රය කොට හැසිරෙන්නාහුය. එකල්හි රජුහුගේ උයනෙහි බොහෝ වානරයෝ වසන්නා හුය. උද්‍යානපාලතෙම සිතනුයේ නක්‍ෂත්‍ර ක්‍රීඩාවට බොරලැවූත්‍යේය. මේ වානරයන්ට දිය ඉසුවයි කියා නක්‍ෂත්‍ර ක්‍රීඩා කෙරෙමියි සිතා ජෙෂ්ඨ වානරයා කරා එළඹ යහළු වානර ජෙෂ්ඨය මේ උද්‍යානය නුඹවහන්සේලාටද බොහෝ උප කාරය එහෙයින් නුඹවහන්සේලා මේ උයනෙහි පුෂ්පඵල ඵල්ලවයන් අනුභව කරවයි, නක්‍ෂත්‍ර ක්‍රීඩාවට ඝෝෂණය කෙළේය. මම නක්‍ෂත්‍ර ක්‍රීඩාකරන් නෙමි යම් කලකින් මම එම්ද ඒතාක් කල් මේ උයනේ රුක්පාල ගස්වලට දිය වත්කරන්ට හැකිවන්නාහු දැයි විචාළේය. යහපත හැකිවන්නෙමි කීයේය. එසේ වී නම් අප්‍රමාදවයි කියා දිය වත්කරණු පිණිස ඔවුන්ට සම්පයිද කාෂඨමය කළද දී ගියේය. වානරයෝ සම් පයිද දඬු කළද ගෙණ පැල ගස්හි දිය වත්කරන්නාහුය. ඉක්බිත්තෙන් ඔවුනට වානර රජතෙම කියනුයේ පින්වත්හු වානරයෙනි ජලය නම් රක්ෂා කටයුත්තේය. තෙපි පැල ගස්හි ජලය වත්කරන්නාහු ගස් උපුටා උපුටා මුල් බලා ගැඹුරුවගිය මුල්හි බොහෝ ජලය වත්කරව ගැඹුරුව නොගිය මුල්හි ස්වල්පයක් වත්කරව පසුව අපට ජලය ලැබගත නොහැක්කේයයි කීයේය. ඔහු වානර රජුහුගේ වචනය යහපතැයි පිළිගෙණ එලෙස කළාහුය. එසමයෙහි පණ්ඩිත පුරුෂයෙක් රාජ්‍යාද්‍යානයෙහි එලෙස කරන්නාවූ ඒ වානරයන් දැක මෙසේ කීයේය. පින්වත් වානරයෙනි කවර කාරණයනින් තෙපි අළුත රොපනය කරණලද පැලගස් උපුටා උපුටා මුල් පමණින් ජලය වත්කරන්නාහු දැයි කීයේය. ඒ වානරයෝ අපගේ වානර රජතෙම මෙසේ අවවාද දුන්නේයයි කීවාහුය නුවණැත්තා වූ පුරුෂතෙම ඒ වචනය අසා පින්වත්නි ඒ කාන්තයෙන් පිරීහීමක් වූයේය. අඥානවූ නුවණ නැත්තෝ වැඩක්කරම්හයි කියා අවැඩක් කරන්නාහුයයි සිතා මෙසේ කීයේය. අනර්ථයෙහි දක්ෂයා විසින් අර්ථයෙහි හැසීරීම සුවඑලන්නේ නොවෙයි නුවණ නැති තැනැත්තේ වැඩ පිරීහෙලන්නේය. කවරෙක්හු මෙන්ද කීවොත් උද්‍යානයෙහි නියුක්ත වානරයා වැඩකෙරෙමියි සිතා අවැඩ කෙළේයයි කියා මෙසේ ඒ නුවණැති පුරුෂ තෙම වානර රජහට නින්දා කොට තමාගේ පර්ෂිද් ගෙණ උයනින් නික්මුනේය. සර්වඥයන් වහන්සේ මහණෙනි මේ ගම ලදරුවා උයන දූෂ්‍ය කෙළේ දැන් මතු නොවෙයි පෙරත් උයන දුෂ්‍ය කෙළෙමි යයි වදාරා මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ ආරාම දුසක ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ප්‍රධාන වානරතෙම දැන් ආරාම දුෂ්‍ය කළ ගම්ලදරු වූයේය. පණ්ඩිත පුරුෂව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

Thursday, August 13, 2009

( සිංහයා ගැන වදාළ දෙසුම ) saha ( ගල් පතුර මුල් කොට වදාළ දෙසුම )

4.2.2.
සීහ සූත්‍රය

148. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේව පිරිවරාගත් විශාල පිරිසකට දහම් දෙසමින් හිටියේ.

එතකොට පාපී මාරයාට මෙහෙම හිතුනා. ‛මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මහා පිරිසක් පිරිවරාගෙන දහම් දෙසනවා. මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට යන්න ඕන. ගිහින් බණ අහන උදවියගේ නුවණැස වහන්න ඕන.’

එහෙම හිතලා පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.

“හා! ........... පිරිස මැද්දෙ විශාරදව සිංහනාද කරනවා නේද? දිනුව කියලද හිතාගෙන ඉන්නේ? තමුන්නාන්සෙට විරුද්ධකාරයෙක් ඉන්නවා.”

(භාග්‍යවතුන් වහන්සේ) :

“මහාවීර වූ තථාගතයන් වහන්සේලා තථාගත බලයට පැමිණිලා ලෝකයේ තෘෂ්ණාවෙන් එතෙර වෙලයි ඉන්නෙ. ඉතින් ඇත්තෙන්ම උන්වහන්සේලා පිරිස් මැද්දෙ විශාරදව සිංහනාද කරනවා තමයි.”

එතකොට පවිටු මාරයා ‛භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!




ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
4.2.3.
සකලික සූත්‍රය
149. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර මද්දකුච්ඡි නම් මිගදායේ වැඩසිටියේ.

ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුලකට ගල් පතුරකින් පහරක් වැදිල තිබුණා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට ගොඩාක් ශාරීරික වේදනා දැනුනා. ගොඩාක් දුක් ඇතිවුනා. තියුණු, කර්කශ, අමිහිරි, අමනාප වේදනා ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේ හොඳ සිහි කල්පනාවෙන්, හොඳ නුවණින් යුතුව, ඒ පීඩා විඳින්නෙ නැතුව, ඒ වේදනාවන් ඉවසා වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දෙපට සිවුර හතරට නවලා ආසනයක් පණවගෙන, දකුණු ඇලයෙන් හාන්සි වුනා. වම් සිරිපතුල උඩින් දකුණු සිරිපතුල මදක් මෑත් කොට තබාගෙන සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් වැඩසිටියා.

එතකොට පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.

“මොකද නිදාගෙන ඉන්නෙ. මුළා වුනාද? එහෙම නැත්නම් කවි ගැන හිත හිත ඉන්නවා ද? ඇයි දැන් වැඩ නවත්තලා ද? මේ හුදෙකලාවෙ තනියම කුටියකට වෙලා, නිදිබර මුහුණු ඇතිව නිදාගන්නෙ මොකද?”

(භාග්‍යවතුන් වහන්සේ) :

“මුළාවෙලා නිදනවත් නෙවෙයි. කවි ගැන හිත හිත ඉන්න නිදනවත් නෙවෙයි. මං ලෝකෙට යහපතක් කරනව තමයි. නමුත් මං ශෝක රහිතව ඉන්න කෙනෙක්. මං හුදෙකලාවෙ තනියම කුටියකට වෙලා, මේ සැතපිලා ඉන්නෙත් සියලු සතුන් ගැන අනුකම්පාවෙන්ම යි.

යමෙකුගේ හිත ඇතුළට රාගාදී හුල් ඇනිල තියෙන කොට, ඔවුන්ගේ හදවත මොහොතක්, මොහොතක් පාසා කම්පා වෙනවා. ඉතින්, රාගාදී හුල් සහිතව ඒ උදවිය පවා නිදාගන්නවා නම්, ඒ හුල් කිසිවක් නැති, මං මොකටද නිදා නොගෙන ඉන්නෙ?

සැකෙන් ඇහැරගෙන ඉන්නවත් නෙවෙයි. නිදාගන්න භයකුත් නෑ. රෑදවල් දෙකේම මං තුළ තැවෙන කිසිදෙයක් නෑ. මගේ ජීවිතේ කොයි පැත්තකින්වත් පිරිහීමක් පේන්නෙ නෑ. ඒ නිසා, සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන්ම යි මං මේ සැතපෙන්නෙ.”

එතකොට පවිටු මාරයා ‛භාග්‍යවතුන් වහන්සෙ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම නොපෙනී ගියා.

Friday, August 7, 2009

part-3-බාල පන්ඩිත........

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. බාලයා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පව් කයින් කරපු දුසිරිත්, වචනයෙන් කරපු දුසිරිත්, මනසින් කරපු දුසිරිත් තමන්ට මැවිලා පෙනෙන්නට පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. විශාල පර්වතයක ඡායාව සවස් වෙද්දී පොළොවේ වැතිරෙනවා. අන්න ඒ වගේ තමයි. බාලයා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පව් කයින් කරපු දුසිරිත්, වචනයෙන් කරපු දුසිරිත්, මනසින් කරපු දුසිරිත් තමන්ට මැවිලා පෙනෙන්න පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.

පින්වත් මහණෙනි, එතකොට බාලයාට මෙහෙම සිතෙනවා. ‛අයියෝ! මා යහපත් දෙයක් කරගත්තේ නෑ. කුසලයක් කරගත්තේ නෑ. බිය නැතිවෙන දෙයක් කරගත්තේ නෑ. මං පව් කළා නෙව. දරුණු දේවල් කළා නෙව. දුෂ්ට දේවල් කළා නෙව. යහපත් දේවල් නොකළ, කුසල් නොකළ බිය නැති වෙන දේවල් නොකළ, පව් කළ, රෞද්‍ර දේවල් කළ, දුෂ්ට දේ කළ උදවිය උපදින තැනක් ඇද්ද, මට මරණින් මත්තේ යන්නට වෙන්නේ එහෙ තමයි’ කියල බාලයා ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. පපුවේ අත් ගසමින් හඬනවා. සිහි මුළා වෙනවා. පින්වත් මහණෙනි, බාලයා මෙලොවදී ම දුක් දොම්නස් විඳින තුන්වෙනි කාරණාව මෙයයි.

Thursday, July 30, 2009

- බාලයා හා පණ්ඩිතයා ගැන වදාළ දෙසුම -2

සුඤ්ඤත වර්ගය
බාලපණ්ඩිත සූත්‍රය


පින්වත් මහණෙනිල නැවත අනෙකක් කියමිග රජවරු අපරාධකාරයෙක්ල සොරෙක් අල්ලාගෙන ඔහුට විවිධාකාර දඬුවම් පමුණුවන අයුරු බාලයාට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ, ඒ අපරාධකාරයාට කසෙන් තලනවා. වේවැලෙන් තලනවා, දඬු මුගුරුවලින් තලනවා, අත් කපල දානවා, කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කණ කපනවා, නාසයත් කපනව, කණ් නාසාත් කපනව හිස් කබල චප්ප කරල දානවා, හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා, යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝලා ඇදගෙන යනවා, බෙල්ලෙ ඉඳන් පහළටත් කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝලාල එකට ගැට ගහනවා, දණිස් දෙකෙත්ල වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරල ගින්නෙන් රත් කරනවා. කොකුවලින් ඇණ ඇණ මස් ලේ විසුරුවනවා, මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දානවාග ශරීරයෙ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා, පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලා, ඒ උලෙන් හිටෝලල කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දානවා, ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා, බල්ලන්ට කන්න දානවා, උලේ ඉන්දවනවා, හිස ගසා දානවා.

පින්වත් මහණෙනිල එතකොට බාලයාට මෙහෙම සිතෙනවා, මේ අපරාධකාරයන්ව අල්ලාගෙන රජ දරුවෝ විවිධාකාර දඬුවම් දෙනවා නෙව කසෙන් තලනවා, වේවැලෙන් තලනවා, දඬු මුගුරු වලින් තලනවා, අත් කපල දානව, කකුල් කපල දානව, අත් කකුල් කපල දානවා, කණ කපනවා, නාසයත් කපනවා, කණ් නාසාත් කපනවා, හිස් කබල චප්ප කරල දානවා, හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා, යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල ඇදගෙන යනවා, බෙල්ලෙ ඉඳන් පහළටත් කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල එකට ගැට ගහනවා දණිස් දෙකෙත්ල වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලාල ගින්නෙන් රත් කරනවා කොකුවලින් ඇණ ඇණ මස් ලේ විසුරුවනවා, මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවාග පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලා ඒ උලෙන් හිටෝලා කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරලා දානවා, ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවාග බල්ලන්ට කන්න දානවා, උලේ ඉන්දවනවා, හිස ගසා දානවා, මා අතිනුත් මෙවැනි අපරාධ සිද්ධ වෙලා තියෙනවා, මේ අපරාධ තුළ තමයි මම ඉන්නෙත් ඉදින් රජවරුන් මාව හඳුනාගත්තොත් මාවත් අල්ලගෙන ගිහින් මේ විදිහේ විවිධාකාර දඬුවම් දේවිග මාවත් කසෙන් තලාවි වේවැලෙන් තලාවි දඬු මුගුරුවලින් තලාවි අත් කපලා දමාවි, කකුල් කපලා දමාවි, අත් කකුල් කපලා දමාවි, කණ කපාවි, නාසයත් කපාවි, කණ් නාසාත් කපාවි හිස් කබල චප්ප කරල දමාවි, හිස් කබලේ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරාවි, යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබාවි, ඇඟෙ තෙල් පාන්කඩ ඔතල ගිනි තියාවි, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියාවි, බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල ඇදගෙන යාවි, බෙල්ලෙ ඉඳන් පහළටත්ල කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල එකට ගැට ගසාවිග දණිස් දෙකෙත්ල වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලල ගින්නෙන් රත් කරාවිල කොකු වලින් ඇණ ඇණ මස් ලේ විසුරුවාවිග මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දමාවිග ශරීරයෙ තැනින් තැන සිදුරු කරල ලෝදිය දමාවි. පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලාල ඒ උලේ හිටෝලාල කකුල් දෙකෙන් වටේට කරකවාවිග ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දමාවි, ගින්නෙන් කකාරගත්තු තෙල් වලින් නාවාවි, බල්ලන්ට කන්න දමාවි, උලේ ඉන්දවාවිග හිස ගසා දමාවි’ කියලාග පින්වත් මහණෙනිල බාලයා මේ ජීවිතය තුළදී ම දුක් දොම්නස් විඳවන දෙවෙනි කරුණ මෙයයි.

Wednesday, July 29, 2009

3.3.9. බාලපණ්ඩිත සූත්‍රය

( බාලයා හා පණ්ඩිතයා ගැන වදාළ දෙසුම )
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන්ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, පවිටු බාලයා තුළ ඒ අසත්පුරුෂ බාල බව පෙන්වන ලක්ෂණ, ඒ අසත්පුරුෂ බාල බව දැනගත හැකි නිමිති, ඒ අසත්පුරුෂ බාල බව ඉස්මතු වෙන චරියාවන් තුනක් තියෙනවා. පින්වත් මහණෙනි, අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලිම යි සිතන්නේ. දුෂ්ට දේවල්ම යි කියන්නේ. දුෂ්ට වැඩම යි කරන්නේ. පින්වත් මහණෙනි, යම් හෙයකින් අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලි සිතන්නේ නැත්නම්, දුෂ්ට වචන කියන්නේ නැත්නම්, දුෂ්ට වැඩ කරන්නේ නැත්නම් සත්පුරුෂ පණ්ඩිතයෙකුට මේ ‛භවත් මොහු වනාහී අසත්පුරුෂයෙක් ය, බාලයෙක් ය’ කියලා හඳුනාගන්නේ කොහොමද? පින්වත් මහණෙනි, යම් හෙයකින් අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලි සිතනවාද, දුෂ්ට වචන කියනවාද, දුෂ්ට වැඩ කරනවාද, ඒ නිසාම යි ඔහුව සත්පුරුෂ නුවණැතියන් හඳුනාගන්නේ ‛මේ භවතා අසත්පුරුෂ බාලයා ය’ කියා.

පින්වත් මහණෙනි, ඒ අසත්පුරුෂ බාලයා මේ ජීවිතය තුළදී ම තුන් ආකාරයකින් දුක් දොම්නස් විඳිනවා. පින්වත් මහණෙනි, ඉදින් අසත්පුරුෂ බාලයා පිරිසක් මැද වාඩිවෙලා ඉන්නට පුළුවනි. වීදියක වාඩිවෙලා ඉන්න පුළුවනි. සිව් මංසලක වාඩිවෙලා ඉන්නට පුළුවනි. එහිදිත් ජනයා ඔහුගේ බාල ක්‍රියාවට ගැලපෙන දේවල් කතාබස් කරනවා අසන්නට ලැබෙනවා.

පින්වත් මහණෙනි, ඉදින් අසත්පුරුෂ බාලයා ප්‍රාණඝාත කරන කෙනෙක් වෙයිද, සොරකම් කරන කෙනෙක් වෙයිද, කාම මිත්‍යාචාරයේ යෙදෙන කෙනෙක් වෙයිද, බොරු කියන කෙනෙක් වෙයිද, මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් වෙයිද, එතකොට පින්වත් මහණෙනි, බාලයාට මෙහෙම හිතෙනවා. ‛මේ මිනිස්සු දුෂ්චරිත පිළිබඳව ත් කතා බස් කරනවා නෙව. මේ දුෂ්චරිතයන් මා තුළ තියෙනවා. මාත් ඒ දුෂ්චරිත තුළ නෙව ඉන්නේ’ කියලා. පින්වත් මහණෙනි, බාලයා මෙලොවදී ම දුක් දොම්නස් විඳින පළමු කාරණාව මෙයයි.

මතු සම්බන්ධයි.............

Tuesday, July 28, 2009

අවසරයි

මව් තුමනී පිය තුමනී
අවසරයි අවසරයි
හැරදා යන්නට
අවසරයි අවසරයි

මවි රැකුමට ඇත සොයුරන්
වතුපිටි රැකුමට ඇත සොයුරන්
රට වට රැකුමට මා සොයුරන්
ඇත බුදූනේ නිවසේ

සාසන රැකුමට නැත සොයුරන්
නොපෙනී යයි දම් පදවැල්
විවර කරන්නට කාලයයි දම්
මව් තුමනී පිය තුමනී

එළිය කරන්නට ශක්තිය දෙන්නට
දම් පද පෙනෙනා සේ
ඔබද කරන්නෙමි මව් පිය සසුනේ
මා හරදා ගිහි ගේ

චමි

Friday, July 24, 2009

උපක්කිලේස සූත්‍රය

3. සුඤ්ඤත වග්ගෝ
3. සුඤ්ඤත වර්ගය
3.3.8. උපක්කිලේස සූත්‍රය
( උපක්ලේශ ගැන වදාළ දෙසුම )
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. ඒ කාලයෙහි කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා රණ්ඩු සරුවල් වෙලා, කෝලාහල ඇතිකරගෙන, වාද විවාද ඇතිකරගෙන එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විද ගනිමිනුයි වාසය කළේ. එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මේ කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා රණ්ඩු අල්ලනවා. කෝලාහල කරගන්නවා. වාද විවාද කරගන්නවා. එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගන්නවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා වෙත අනුකම්පා උපදවා වැඩමකරන සේක් නම් මැනවි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එම ඇරයුම ඉවසා වදාළා.

ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා වෙත වැඩම කළා. වැඩම කොට ඒ භික්ෂූන්ට මෙය වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ සණ්ඩු සරුවල් වලින්, කොලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

දෙවෙනි වතාවේදීත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ සණ්ඩු සරුවල්වලින්, කොලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවටත් ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

තුන්වෙනි වතාවේදීත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ සණ්ඩු සරුවල්වලින්, කොලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රයද ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩම කළා. කොසඹෑ නුවර පිඬු පිණිස වැඩම කොට දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී තමන් වහන්සේගේ කුටිය අස්පස් කොට, පාත්‍රය හා සිවුරුද රැගෙන සිටගෙන වැඩසිටියදී ම මෙම ගාථාවන් වදාළ සේක.

“මේ සමාන අදහස් ඇති පිරිස මහා ශබ්දයක් කරනවා. මේ කාටවත් හිතෙන්නේ නෑ තමන් බාලයෙක් නේද කියලා. සංඝභේදය සිදුවෙද්දී මේ එක්කෙනෙකුටවත් සිතෙන්නේ නෑ තමා නිසා නේද මේ බරපතල දේ සිදුවෙන්නේ කියලා.

සිහිමුලාව සිටින ඔවුන් මහා නුවණැත්තන් විදිහට සිතාගෙනයි අර්බුද ඇතිවෙන කරුණු රැස් කර කර කියවන්නේ. යම්තාක් කට පළල් කොට කතා කරන්නට කැමති වෙද්ද, ඒ තාක් මේ උදවිය දොඩවනවා.

‛මට ආක්‍රෝෂ කළා. මාව පෙලුවා. මාව පැරැද්දුවා. මා සතු දේවල් පැහැරගත්තා’ කිය කියා යම් කෙනෙක් සිතෙහි වෛර බැඳගන්නවා නම්, ඔවුන්ගේ ඒ වෛරය සංසිඳෙන්නේ නෑ.

‛මට ආක්‍රෝෂ කළා. මාව පෙලුවා. මාව පැරැද්දුවා. මා සතු දේවල් පැහැරගත්තා’ කිය කියා යම් කෙනෙක් සිතෙහි වෛර බැඳගන්නේ නැත්නම් නම්, ඔවුන්ගේ ඒ වෛරය සංසිඳීයනවා.

මේ ලෝකයේ කවරදාකවත් වෛර කිරීමෙන් වෛරය සංසිඳීයන්නේ නෑ. වෛර නොකිරීමෙන්ම යි සංසිඳී යන්නේ. මෙය සනාතන සත්‍යයක්.

ඔය කෝලාහල කරන උදවිය දන්නෙ නෑ මේ කෝලාහල නිසාම අපි වැනසිලා යනවා කියලා. නමුත් යම් දිනෙක මේ කෝලාහල නිසා තමන් වැනසී යන බව තේරුම් ගන්නවා නම් ඒ හේතුවෙන් තමයි කෝලාහල සංසිඳී යන්නේ.

මිනිසුන්ගේ ඇට බිඳලා, පණ නසන හොරු ඉන්නවා. ගවයන්, අසුන්, ධන ධාන්‍ය පැහැරගන්නා හොරු ඉන්නවා. රටවල් මංකොල්ලකන හොරු ඉන්නවා. ඔවුන්ගේ පවා සමඟියක් තියෙනවා. නුඹලාට සමඟි වෙන්නට බැරි මක් නිසාද?

ඉදින් ඇසුරු කරන්නට ඉතා සුදුසු වූ, ස්ථානෝචිත ප්‍රඥාව ඇති, යහපත් ගති පැවතුම් ඇති යහළුවෙක් ලැබුනොත් ඒ ප්‍රාඥ වූ කලණ මිතුරා සමඟ තිබෙන හැම කරදරයක්ම මැඩගෙන සතුටින් හා සිහියෙන් යුක්තව ඔහු සමඟ වාසය කරන්නට ඕන.

නමුත් ඇසුරු කරන්නට ඉතා සුදුසු වූ, ස්ථානෝචිත ප්‍රඥාව ඇති, යහපත් ගති පැවතුම් ඇති, ප්‍රාඥ වූ කලණ මිතුරු වූ යහළුවෙක් නොලැබුනොත්, දිනපු රට අත්හැර හුදෙකලාවේ යන රජෙක් වගේ, වනාන්තරයෙහි හුදෙකලාවේ වාසය කළ මාතංග නම් හස්තිරාජයා වගේ තනියම යි ඉන්න ඕන.

හුදෙකලාවේ හැසිරීමම යි ශ්‍රේෂ්ඨ වන්නේ. අඥාන බාලයන්ගේ යාළු කමෙන් ඇති ඵලක් නෑ. තනියම වාසය කිරීම හේතුවෙන් ඔහුට පව් රැස්වෙන්නේ නෑ. වනාන්තරයේ හුදෙකලාවේ වාසය කරන මාතංග හස්තිරාජයා වගේ උත්සාහ නැතුව තනියමයි ඉන්න තියෙන්නේ.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ සිටගෙන වැඩසිටියදී ම මේ ගාථා වදාරා බාලකලෝණකාර නම් ගමට වැඩම කළා. ඒ දිනවල ආයුෂ්මත් භගු තෙරුන් වැඩසිටියේ බාලකලෝණකාර ගමෙහිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුරින්ම වඩින අයුරු ආයුෂ්මත් භගු තෙරුන් දුටුවා. දැක ආසනයක් පැණෙව්වා. පා දෝවනය කරන්නට පැන් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ආයුෂ්මත් භගු තෙරුන් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් භික්ෂුව, කොහොමද, ඉවසන්නට පුළුවනිද? කොහොමද, යැපෙන්නට පුළුවනිද? කොහොමද, පිණ්ඩපාතයෙන් අපහසුවක් නැද්ද?” “භාග්‍යවතුන් වහන්ස, ඉවසන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, යැපෙන්නටත් පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, පිණ්ඩපාතයෙන් කිසි අපහසුවක් නෑ.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු තෙරුන් හට දැහැමි කතාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, පහදවා, හුනස්නෙන් නැගී පාචීනවංස නම් වනය කරා වැඩම කළා.

ඒ දිනවල ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ද, ආයුෂ්මත් නන්දිය තෙරුන්ද, ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද වාසය කළේ පාචීනවංස නැමැති වනාන්තරයේ. එහිදී වනාරක්ෂක තැනැත්තා දුරින්ම වඩින භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “මහා ශ්‍රමණයන් වහන්ස, මේ අභය භූමියට ඇතුළු වන්නට එපා! මේ වනයේ තමන් කැමති පරිදි බණ භාවනා කරමින් සිටින කුලපුත්‍රයන් තුන් දෙනෙක් වාසය කරනවා. උන්වහන්සේලාව අපහසුවට පත්කරන්නට එපා!”

එතකොට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වනාරක්ෂක තැනැත්තා භාග්‍යවතුන් වහන්සේ සමඟ කරන මේ කතාව ඇසුවා. අසා ඒ වනාරක්ෂක තැනැත්තාට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් වනපාලය, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව වළක්වන්නට එපා! අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේයි මේ වැඩම කරලා ඉන්නේ.”

ඉතින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ආයුෂ්මත් නන්දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් නන්දිය තෙරුන්ට හා ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉක්මනින් වඩින්න. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉක්මනින් වඩින්න. අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක” කියලා. එතකොට ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ද, ආයුෂ්මත් නන්දිය තෙරුන්ද, ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කොට එක නමක් භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු පිළිගත්තා. එක නමක් භාග්‍යවතුන් වහන්සේට වැඩසිටින්නට ආසනයක් පැණෙව්වා. එක නමක් පා සෝදන්නට දිය බඳුනක් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් අනුරුද්ධයෙනි, කොහොමද, ඉවසන්නට පුළුවනිද? කොහොමද, යැපෙන්නට පුළුවනිද? කොහොමද, පිණ්ඩපාතයෙන් අපහසුවක් නැද්ද?” “භාග්‍යවතුන් වහන්ස, ඉවසන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, යැපෙන්නටත් පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, පිණ්ඩපාතයෙන් කිසි අපහසුවක් නෑ.”

“කොහොමද, පින්වත් අනුරුද්ධයෙනි, සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින්ද, වාසය කරන්නේ?”

“ස්වාමීනී, ඒකාන්තයෙන්ම අපි සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමිනුයි වාසය කරන්නේ.”

“පින්වත් අනුරුද්ධයෙනි, ඔබ කොයි අයුරින්ද, සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නේ?”

“ස්වාමීනී, මට මෙහිදී මෙහෙමයි සිතෙන්නේ. ‛ඒකාන්තයෙන්ම මට ලාභයක්ම යි. ඒකාන්තයෙන්ම මට යහපත් ලැබීමක්ම යි. මෙබඳු වූ ගතිගුණ ඇති සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ වාසය කරන්නට ලැබුණා නෙව’ කියලා. එතකොට ස්වාමීනී, මා තුළ මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහිත්, නැති විටත්, මෛත්‍රී කාය කර්ම පිහිටලා තියෙනවා. මෛත්‍රී වචී කර්ම ....'(පෙ)'.... මා තුළ මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහිත්, නැති විටත්, මෛත්‍රී මනෝ කර්ම පිහිටලා තියෙනවා. එතකොට ස්වාමීනී, මට මෙහෙමත් සිතෙනවා. මං මගේ සිත බැහැරින් තබලා මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත සමඟ එක් වී වසන්නට ඕන කියලා. එතකොට ස්වාමීනී, ඒ මම මගේ සිත බැහැර කොට මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත සමඟ එක් වී වාසය කරනවා. එතකොට ස්වාමීනී, අපගේ වෙනස්කම තියෙන්නේ ශරීරවලින් විතරයි. නමුත් අපේ සිත එකක් කියලයි හැඟෙන්නේ.”

ආයුෂ්මත් නන්දිය තෙරුන්ද ....'(පෙ)'.... ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මටත් සිතෙන්නේ මෙහෙමයි. ‛ඒකාන්තයෙන්ම මට ලාභයක්ම යි. ඒකාන්තයෙන්ම මට මනා වූ ලාභයක්ම යි. ඒ මම ....'(පෙ)'.... සිතින් එකයි කියලයි හැඟෙන්නේ.”

“ස්වාමීනී, අපි ඔය විදිහටයි සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නේ.”

“සාදු! සාදු! පින්වත් අනුරුද්ධයෙනි, කොහොමද, පින්වත් අනුරුද්ධයෙනි, ඔබ වාසය කරන්නේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දහමට දිවි පිදීමෙන්ද?”

“ස්වාමීනී, ඒකාන්තයෙන්ම අපි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදායි වාසය කරන්නේ.”

“පින්වත් අනුරුද්ධයෙනි, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා ඔබ වාසය කරන්නේ කොයි අයුරින්ද?”

“ස්වාමීනී, මෙහි වාසය කරන අප අතරින් යම් කෙනෙක් පළමුවෙන්ම ගමෙන් පිණ්ඩපාතේ කරගෙන ආපසු හැරී එනවා නම්, ඒ භික්ෂුව තමයි ආසන පණවන්නේ. පානීය පාරිභෝජනීය පැන් පිළියෙල කරන්නේ. ඉඳුල් භාජනය තබන්නේ. යමෙක් ගමෙන් පිඬු සිඟාගෙන පහුවෙලා එනවා නම්, වළඳා ඉතිරි වූ යමක් ඇද්ද, ඒ භික්ෂුව කැමති නම් එය වළඳනවා. වළඳන්නට අවශ්‍ය නැත්නම් තණකොළ නැති බිමක දමනවා. එක්කො ප්‍රාණීන් නැති ජලයේ පා කර යවනවා. ඒ භික්ෂුව තමයි ආසන නැවත හකුලා තබන්නේ. පානීය පාරිභෝජනීය දිය බඳුන් අස් කරන්නේ. ඉඳුල් භාජනය සෝදා තැන්පත් කරන්නේ. දන් ශාලාව අමදින්නේ. එහිදී පැන් කලය හෝ පරිභෝග කරන පැන් බඳුන හිස් වෙලා තියෙනවා කවුරුවත් දකිනවා නම්, ඒකට පැන් පුරවනවා. ඉදින් ඔහුට තනියම එය ඔසවන්නට නොහැකි නම්, අතින් අඬගසා අනිත් කෙනෙකුගේ උදව්වෙන් එය ඔසවා තබනවා. ස්වාමීනී, අපි ඒ හේතුවෙන්වත් වචන කතාබහක් කරන්නේ නෑ.

නමුත් ස්වාමීනී, අපි දවස් පහකට වතාවක් තුන් යම රාත්‍රිය පුරාවට ධර්ම කතාවෙහි යෙදී වාසය කරනවා. ස්වාමීනී, අපි ඔය විදිහටයි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන්නේ.”

“සාදු! සාදු! පින්වත් අනුරුද්ධ, ඉතින් පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහට අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී මනුස්ස ධර්මයන්ට වඩා උතුම් වූ ආර්ය වූ ඤාණ දර්ශන විශේෂයක් උපදවා ගෙන පහසුවෙන් වාසය කිරීමක් තියෙනවාද?”

“ස්වාමීනී, අපි මෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී ආලෝකයත්, දිවැසින් රූප දැකීමත් ඇති කරගත්තා. ඒ වුණාට ඒ අපගේ ආලෝකය වැඩිවෙලාවක් පවතින්නේ නෑ. අතුරුදහන් වෙලා යනවා. රූප දර්ශනයටත් ඒකයි වෙන්නේ. ඒ නිමිත්ත සම්පූර්ණයෙන් වැටහෙන්නේ නෑ.”

“පින්වත් අනුරුද්ධයෙනි, ඔබ විසින් ඒ නිමිත්ත සම්පූර්ණයෙන් ම වටහාගත යුතුයි. පින්වත් අනුරුද්ධයෙනි, මාත් සම්බුද්ධත්වයට කලින්, සම්බුදු නොවී සිටියදී ම බෝධිසත්ව වශයෙන් සිටියදී ම, ආලෝකයත්, රූප දර්ශනත් හඳුනා ගත්තා. මට ඇති වූ ඒ ආලෝකය බොහෝ වේලාවක් තියෙන්නේ නෑ. අතුරුදහන් වෙනවා. රූප දර්ශනයත් එහෙමයි. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙමයි සිතුනේ. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවාද, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‛මා තුළ සැකය ඇතිවෙලා තියෙනවා. සැකය ඇතිවීම නිසයි ඒ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට පින්වත් අනුරුද්ධ, ඒ මං අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකයත්, රූප දර්ශනයත් හඳුනා ගත්තා. නමුත් ඒ ආලෝකයත්, රූප දර්ශනයත් වැඩිකල් නොගිහින් අතුරුදහන් වෙනවා. එතකොට පින්වත් අනුරුද්ධ මම මෙම හිතුවා. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවාද, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‛මා තුළ මෙනෙහි නොකිරීම ඇතිවෙනවා. ඒ මෙනෙහි නොකිරීම හේතුවෙනුයි සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට කටයුතු කරනවා.

ඒ මං පින්වත් අනුරුද්ධ, ....'(පෙ)'.... එතකොට පින්වත් අනුරුද්ධ මං මෙහෙම හිතුනා. ‛මා තුළ ථීනමිද්ධය ඇතිවෙලා තියෙනවා. ථීනමිද්ධය නිසයි මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ භය තැති ගැනීම් ඇති වුණා. ඒ භය තැතිගැනීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධ ඒක මේ වගේ දෙයක්. කාන්තාර මාර්ගයකට බැසගත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුගේ දෙපැත්තේ වධකයෝ පැමිණිලා ඉන්නවා. එතකොට ඒ හේතුවෙන් ඔහුට බිය තැතිගැනීම් ඇතිවෙනවා නේද? පින්වත් අනුරුද්ධය, ඔය විදිහටයි මා තුළ බිය තැතිගැනීම් හටගත්තේ. ඒ භය තැතිගැනීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ සතුටින් ඉපිල යාම ඇතිවුනා. ඒ සතුටින් ඉපිල යාම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධ ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් එක නිධානයක් හොයද්දී, එකවරම නිධාන පහක් හම්බවෙනවා වගෙයි. ඒ හේතුවෙන් ඔහුගේ සිත බලවත්ව සතුටින් ඉපිල යනවා. පින්වත් අනුරුද්ධය, ඔය විදිහටයි මා තුළ සතුටින් ඉපිල යාම ඇති වුනේ. ඒ සතුටින් ඉපිල යාම නිසයි මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ කයට ලොකු වෙහෙසක් ඇති වුනා. ඒ කයට ඇති වූ වෙහෙස නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ අධික විදිහට වීරිය ඇතිවුනා. ඒ අධික වීරිය නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධයෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් අත් දෙක දැඩි කොට වටුකුරුල්ලෙක්ව හයියෙන් අල්ලනවා. එතකොට ඌ එතනම මැරිලා වැටෙනවා. පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහේ දෙයක් තමයි මට ත් වුනේ. මා තුළ අධික විදිහේ වීරියක් ඇතිවුනා. ඒ අධික වූ විරිය නිසා ම යි මගේ සමාධිය නැතිවුනේ. ....'(පෙ)'.... එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ වීරිය අතිශයින්ම ලිහිල් වීම ඇති වුනා. ඒ වීරිය හොඳටම ලිහිල් වීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධයෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් අත් දෙක හොඳටම ලිහිල් කොට වටුකුරුල්ලෙක්ව අල්ලන්න යනවා. එතකොට ඌ පියාඹා යනවා. පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහේ දෙයක් තමයි මටත් වුනේ. මා තුළ හොඳට ලිහිල් වූ වීරියක් ඇතිවුණා. ඒ හොඳටම ලිහිල් වූ වීරිය නිසාම යි මගේ සමාධිය නැතිවුනේ. ....'(පෙ)'.... එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ ආලෝක දර්ශන ආදිය පිණිස තෘෂ්ණාවක් ඇති වුණා. ඒ තෘෂ්ණාව නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැතිබව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට කටයුතු කරනවා.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ විවිධාකාර සඤ්ඤාවන් ඇතිවුනා. ඒ නා නා සඤ්ඤාවන් නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැතිබව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට, නානා සඤ්ඤාවන් නූපදින විදිහට කටයුතු කරනවා.

පින්වත් අනුරුද්ධයෙනි, ඒ මං අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකයත්, රූප දර්ශනයත් හඳුනා ගත්තා. නමුත් ඒ ආලෝකයත්, රූප දර්ශනයත් වැඩිකල් නො ගිහින් අතුරුදහන් වෙනවා. එතකොට පින්වත් අනුරුද්ධ මම මෙම හිතුවා. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‛මා තුළ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම ඇතිවුණා. ඒ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම හේතුවෙනුයි සමාධිය නැතිවුනේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වුනේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට, ඒ නානා සඤ්ඤාවන් නූපදින විදිහට, එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධික ව වෑයම් කිරීම නූපදින විදිහට කටයුතු කරනවා.

පින්වත් අනුරුද්ධයෙනි, ඒ මම සැකය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ සැකය අත්හැරියා. මෙනෙහි නොකිරීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ අමනසිකාරය අත්හැරියා. ථීනමිද්ධය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ ථීනමිද්ධය අත්හැරියා. භය තැතිගැනීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ භය තැතිගැනීම අත්හැරියා. සතුටින් සිත ඉපිල යාම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ සතුටින් සිත ඉපිලයාම අත්හැරියා. කායික වෙහෙස සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ කායික වෙහෙස අත්හැරියා. අධික ලෙස ගන්නා වීරිය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ අධික ලෙස ගන්නා වීරිය අත්හැරියා. ලිහිල්ව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ ලිහිල්ව ගත් වීරිය අත්හැරියා. තෘෂ්ණාව සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ තෘෂ්ණාව අත්හැරියා. නානාත්ම සඤ්ඤාව සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ නානාත්ම සඤ්ඤාව අත්හැරියා. එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම අත්හැරියා.

පින්වත් අනුරුද්ධය, ඒ මම අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකය හඳුනාගන්නවා. නමුත් රූප දකින්නේ නෑ. ඇතැම්විට රූප දකිනවා. නමුත් ආලෝකය හඳුනන්නේ නෑ. ඇතැම් විට මුළු රාත්‍රියමත්, මුළු දහවලත්, මුළු රෑ දවල් දෙකෙහිමත් ඔය විදිහයි. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුණා. ‛මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවල් දෙකෙහිත් මං ආලෝකය හඳුනාගන්නවා නම්, රූප දකින්නේ නැත්නම්, ඒ වගේම රූප දකිනවා නම්, ආලෝකය හඳුනන්නේ නැත්නම් මෙයට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.’ එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මේ අදහස ඇතිවුණා. යම් වෙලාවක මං රූප නිමිත්ත මෙනෙහි නොකොට ආලෝක නිමිත්ත මෙනෙහි කරනවා නම් ඒ වෙලාවට මං ආලෝකයයි හඳුනාගන්නේ. රූප දකින්නේ නෑ. යම් වෙලාවක ආලෝක මෙනෙහි නොකොට, රූප නිමිත්ත මෙනෙහි කරනවා නම් ඒ වෙලාවට මං රූප දකිනවා. ආලෝකය හඳුනාගන්නේ නෑ. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ඔය විදිහයි.

පින්වත් අනුරුද්ධය, ඒ මම අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරද්දී, මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ආලෝකය හඳුනාගන්නවා. රූප දකින්නේ ටිකයි. අප්‍රමාණ වූ ආලෝකය හඳුනාගන්නවා. ඇතැම් විට අප්‍රමාණ වූ රූප දකිනවා. එතකොට පින්වත් අනුරුද්ධය මට මෙහෙම හිතුණා. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් මං ස්වල්ප වූ ආලෝකයක් හඳුනාගන්නවා නම්, ස්වල්ප වූ රූප දකිනවා නම්, අප්‍රමාණ ආලෝකයක් හඳුනාගන්නවා නම්, අප්‍රමාණ රූප දකිනවා නම්, එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද?

එතකොට පින්වත් අනුරුද්ධය, මට මෙහෙමයි සිතුනේ. යම් වෙලාවක සමාධිය පැතිරීම තිබෙන්නේ ටිකයිද, ඒ වෙලාවට මගේ දිවැස තිබෙන්නෙත් ටිකයි. ඒ මං ස්වල්ප වූ දිවැසින් තමයි රූප ටිකක් දකින්නේ. ආලෝකය ටිකක් හඳුනාගන්නේ. යම් වෙලාවක මා අප්‍රමාණ වූ සමාධියක් පතුරනවාද, ඒ වෙලාවට මගේ දිවැසත් ප්‍රමාණ රහිතයි. ඒ මං ප්‍රමාණ රහිත වූ දිවැසින් අප්‍රමාණ ආලෝකය හඳුනාගන්නවා. අප්‍රමාණ රූප දකිනවා. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ඔය විදිහයි.

පින්වත් අනුරුද්ධය, යම් විටෙක සැකය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ සැකය ප්‍රහාණය වුණාද, අමනසිකාරය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ අමනසිකාරය ප්‍රහාණය වුණාද, ථීනමිද්ධය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ථීනමිද්ධය ප්‍රහාණය වුණාද, භය තැතිගැනීම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ භය තැතිගැනීම ප්‍රහාණය වුණාද, සිත සතුටින් ඉපිල යාම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ සතුටින් ඉපිල යාම ප්‍රහාණය වුණාද, කායික වෙහෙස සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ කායික වෙහෙස ප්‍රහාණය වුණාද, ඉතා දැඩිව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ඉතා දැඩිව ගත් වීරිය ප්‍රහාණය වුණාද, ඉතා ලිහිල්ව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ඉතා ලිහිල්ව ගත් වීරිය ප්‍රහාණය වුණාද, තෘෂ්ණාව සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ තෘෂ්ණාව ප්‍රහාණය වුණාද, නානාත්ම සඤ්ඤාව සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ නානාත්ම සඤ්ඤාව ප්‍රහාණය වුණාද, එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම ප්‍රහාණය වුණාද, එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙමයි සිතුනේ. ‛මාගේ සිතේ යම් උපක්ලේශයන් තිබුණා නම් දැන් ඒවා ප්‍රහාණය වෙලයි තියෙන්නේ. එහෙම නම් මං දැන් තුන් ආකාරයකින් සමාධිය වඩන්නට ඕන’ කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, විතර්ක විචාර සහිතවත් සමාධිය වැඩුවා, විතර්ක නැතුව විචාර මාත්‍රයකිනුත් සමාධිය වැඩුවා. විතර්ක නැතුව විචාර නැතුව සමාධිය වැඩුවා. ප්‍රීතිය සහිතවත් සමාධිය වැඩුවා. ප්‍රීතිය රහිතවත් සමාධිය වැඩුවා. සැප සහගතවත් සමාධිය වැඩුවා. උපේක්ෂා සහගතවත් සමාධිය වැඩුවා.

පින්වත් අනුරුද්ධයෙනි, යම් විටෙක මා විසින් විතර්ක සහිත වූ, විචාර සහිත වූ සමාධිය වැඩුවාද, විතර්ක රහිත වූත්, විචාර මාත්‍ර වූත් සමාධිය වැඩුවාද, විතර්ක රහිත වූත්, විචාර රහිත වූත් සමාධිය වැඩුවාද, ප්‍රීතිය සහිත සමාධිය වැඩුවාද, ප්‍රීතිය රහිත සමාධිය වැඩුවාද, සැප සහිත සමාධිය වැඩුවාද, උපේක්ෂා සහගත සමාධිය වැඩුවාද එතකොට මට ඤාණ දර්ශනය ඇතිවුනා. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන ස්වභාවයකින් යුක්තයි. මෙය මාගේ අන්තිම උපතයි. නැවත පුනර්භවයක් නැතැ’යි කියලා.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

උපක්ලේශ ගැන වදාළ දෙසුම නිමා විය.

Wednesday, July 15, 2009

සුචිලෝම සූත්‍රය

( සුචිලෝම නම් යක්ෂයාට වදාළ දෙසුම )
237. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ගයාවේ ටංකිතමඤ්ච නම් සුචිලෝම යක්‍ෂයාගේ භවනේ. ඒ වෙලාවේ චරලෝම කියන යක්ෂයාත්, සූචිලෝම යක්‍ෂයාත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ගමන් ගත්තා.

එතකොට චර ලෝම යක්ෂයා සූචිලෝම යක්ෂයාට මෙහෙම කිව්වා.

“ඒයි! මෙන්න ශ්‍රමණයෙක්.”

“මෙයා ශ්‍රමණයෙක් නෙවෙයි. මෙයා ශ්‍රමණයෙක් වගේ කෙනෙක්.”

“හරි, මම දැන් බලන්නම්. මෙයා ශ්‍රමණයෙක්ද? එහෙම නැත්නම් ශ්‍රමණයෙක් වගේ කෙනෙක්ද කියලා.”

ඉතින් සූචිලෝම යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට හේත්තු වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ශරීරය මෑතට ගත්තා. ඒ මොහොතේ මෙහෙම ඇහුවා.

“ඒයි ශ්‍රමණය, ඔබ මට භයයි නේ ද?”

(භාග්‍යවතුන් වහන්සේ) :

“ආයුෂ්මත, ඔබ ගැන මට බයක් නෑ. නමුත් ඔබේ ඔය ස්පර්ශය නම් හරි රළුයි.”

(සූචිලෝම) :

“ඒයි ශ්‍රමණය, මම දැන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි ශ්‍රමණය, මට උත්තර නොදුන්නොත්, ඔබේ හිත හරි විකල් කරලා දානව. එක්කො පපුව හරි පළලා දානවා. එක්කො පාවලින් අල්ලලා, ගඟෙන් එතෙරට වීසිකරලා දානවා.”

(භාග්‍යවතුන් වහන්සේ) :

“ආයුෂ්මත, මගේ හිත විකල් කරන්න පුළුවන් කෙනෙක්, හදවත පලා දමන්න පුළුවන් කෙනෙක්, පාවලින් අල්ලලා, ගඟෙන් එතෙරට වීසිකරන්න පුළුවන් කෙනෙක්, මේ දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ බමුණන් සහිත මේ ලෝකයේ, මේ දෙව්මිනිස් ප්‍රජාව තුළ මම නම් දකින්නෙ නෑ. නමුත් ආයුෂ්මත, ඔබ කැමති ඒ කරුණ අහන්න.”

එතකොට සූචිලෝම යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

“රාගයත්, ද්වේෂයත් හටගන්නෙ මොකෙන්ද? ධර්මයට නොඇලීමත්, කම් සුවයට ඇලීමත්, ලොමු දහගැනීමත් හටගන්නෙ කොතනින්ද? ගමේ ළමයි කපුටෙක් අල්ලගෙන නූල්වලින් කකුල් ගැට ගහලා, කොන අල්ලගෙන අතහරිනවා වගේ, මේ මනෝ විතර්ක පටන් ගන්නෙ කොතනින්ද?”

(භාග්‍යවතුන් වහන්සේ) :

“රාගයත්, ද්වේෂයත් හටගන්නෙ මේ ජීවිතය තුළින්ම යි. කුසලයට නොඇල්මත්, පංච කාමයට ඇල්මත්, ලොමු දහගැනීමත් හටගන්නෙ මෙතනින්ම තමයි. ගමේ ළමයි කපුටෙක්ව අල්ලලා, කකුල් නුලකින් ගැට ගහලා, කොන අල්ලගෙන අතඅරිනවා වගේ, මනෝ විතර්කත් මෙතනින්ම තමයි ඇතිවෙන්නෙ.

තණ්හාවෙන් හටගන්නවා. තමන් තුළයි ඇතිවෙන්නෙ. නුග ගහක අතු ඉති බෙදෙනවා වගේ, වනාන්තරේක ගහක් වෙලා ගෙන මාලුවා වැලක් තියෙනවා වගෙයි, මේ කාමයන් ගැන තමයි හිත බොහෝ සෙයින් වෙලී යන්නෙ.

යම් කෙනෙක් ඔය කාරණේ දන්නවා නම්, ඒවා පටන් ගන්න තැන තේරුම් අරගෙන, ඒක දුරු කරනවා. පින්වත් යක්ෂය, හොඳට අහගන්න. අන්න එහෙම කිරීමෙන් එතෙර වෙන්න දුෂ්කර වූ ඒ සැඩ පහරින් ඒ උදවිය එතෙර වෙනවා. පුනර්භවය නැතිකර ගැනීම පිණිස කළින් එතෙර නොවුනු සැඩ පහරින් එතෙර වෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

Thursday, July 9, 2009

තිත්ත ඇත්ත



අද හරිම දුක්ඛ දායක කතාවක් ඇහුන. මම අඳුනන ආරන්‍යගත සිලවත් ස්වාමීන් වහන්සේ නමක් බන භාවනා කරගන නිදහසේ දහම් අධ්‍යයනයක යෙදෙන්න නිදහස් ස්තානයක් සොයමින් ඉන්නව, ඉතින් එක දොස්තර මහත්තයෙක් එයාගෙ ඉඩමක් ආරණ්‍යයට පූජා කරන්න තීරණය කරල පවුලෙ සියලු දෙනා එක්ක එකතු වෙලා කතා බහ කරගන ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ල තමන් නිතර ඇසුරු කරන ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ එක්ක මේ ගැන කතා කරල තියෙන්නෙ ඉතාම ආසාවෙන් ,ඉතින් හාමුදුරුවෝ ඒක අහල ඒ වඩේට අපිනම් කැමති නෑ ඕනමනම් අපිට ඉඩම පුජා කරන්න කියල. මොකද ආරන්‍යයක් හැදුනාම මිනිස්සු ඔක්කොම එහාට යනව මේ පැත්තට එන අය අඩු වෙනව කියල.
මම කල්පනා කලේ ඇයි එහෙම මේ පන්සල් වල ඉන්න හාමුදුරුවන් වහන්සේලා ආරන්‍ය ගැන භීතිකාවකින් පෙලෙන්නෙ, මේ සාසනයට පූජා වෙලා තියන භූමිය, එක එක හාමුදුරුවරුන්ට පෞද්ගලිකව බෙදා ගන්න පුලුවන්ද? තමන් සිටින පන්සලට සැදැහැවතුන්ගේ පැමිනීම අඩු වෙලා තියෙන්නෙ ඇයි කියල කල්පනා කරන්නෙ නැතුව සැදැහැවතුන්ගේ පැමිනීම වැඩි තැනට ඊර්ශා කර කර ඉන්නව,
අඩුම තරමින් එහෙම හිතන ස්වමින් වහන්සේලා දන්නෙ නෑ , සිහි කරන්නෙ නෑ කර්මය හා කර්ම ඵල ධර්මය ගැන. ඒක විස්වාස කරනවනම් ඒ වගේ ඊර්ශාකාර කම් කරන්නෙ නෑ, ධර්මය දෙශනා කරන අය ධර්මය අනුව තම්න්ගෙ සසර මග හැඩගස්සවා ගන්නේ නැත්තම්, ඒ බන අහන අයට ඒ බන දහම් තුල විශ්වාසය ගොඩ නැගෙන්නේ කොහොමද?

මගේ පැතුම: සියලු ස්වාමින් වහන්සේලාට දර්මාවබෝධය පිලිබඳ සිත් ඇති වේවා !, වීර්ය ඇති වේවා !, ගිහි පින් වතුන්ගේ ශක්තිය අනුග්‍රහය නිබඳව ලැබේවා !

සාසනාරක්ශාව වහා මේ ශ්‍රී ලංකාද්වීපයේ ඇති වේවා !

Wednesday, July 1, 2009

කළු දිය පොකුනේ

කළු දිය පොකුනේ සිසිල් පවන් රැල්ලේ
සිත දැවටී ගන්නේ
සිත් පතුලද මේ කිමිද බලන්නේ
නෙක රහතුන් වැඩි මග යන්නේ
සියොලඟ පිනවන සිත් සමගින්නේ

කිමිද දියේ පිනි සිසිල දකින්නේ
මහනෙල් මල් ගැබුරින් නෙලමින්නේ
මහමෙර සේ මහ මුනිඳු පුදන්නේ
මේ දිය බිෙඳනුයි මේ දිවි යන්නේ

මහ වන මැදදී බවුන් වඩන්නේ
මේ සිසිලෙන් මෙත් සිසිල දකින්නේ
ලෝ සත හට මෙත් පුද දී ගන්නේ
වෙර ගනිමින්දෝ සසර දකින්නේ

හමන පවන් රැල සසර ගිනි නිවන්නේ
සිත් ඝනඳුර මහ එළිය දකින්නේ
මොහඳුර දුරු කර නිවන පෙනෙන් නේ
මේ මහ වන මැද එතෙරට යන්නේ

චමී
2009-6-6

Tuesday, June 23, 2009

මගෙ හිත චිත්ත ප්‍රීතියෙන් උතුරා ගියා

මගේ ඊ මේල් කල්‍යාණ මිත්‍රයෙක් ඉතාමත් හොඳ වෙබ් ඇඩ්‍රස් එකක් එවල තිබුන , මගෙ හිත චිත්ත ප්‍රීතියෙන් උතුරා ගියා, සද්ධර්මය අන්තර්ජාලයේ තියනව දැක්කම කාටද සන්තෝශ නැත්තෙ නේද?, මගේ බ්ලොග් සටහන් බලන අයටත් මේ සයිට් එක දෙන්න ආස හිතුන. බලන්නකො ගිහින්.

ආතාපි Aathaapi

Saturday, June 20, 2009

භික්ෂුව තුළ තියෙනවා සම්පූර්ණයෙන් ම නැති වෙලා නැති සිතකට බැඳෙන බන්ධන පහක්

භික්ෂුව තුළ තියෙනවා සම්පූර්ණයෙන් ම නැති වෙලා නැති සිතකට බැඳෙන බන්ධන පහක්. මොනව ද ඒ බන්ධන පහ?
1. පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු කාමයන් ගැන රාගය නැති කරපු කෙනෙක් නො වෙයි. ආශාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඇල්ම නැති කරපු කෙනෙක් නො වෙයි. පිපාසය නැති කරපු කෙනෙක් නො වෙයි. සිතේ දැවිල්ල නැති කරපු කෙනෙක් නො වෙයි. තණ්හාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව කාමයන් ගැන, රාගය නැති නො කළ නිසා ම, ආශාව නැති නො කළ නිසා ම, ඇල්ම නැති නො කළ නිසා ම, පිපාසය නැති නො කළ නිසා ම, සිතේ දැවිල්ල නැති නො කළ නිසා ම, තණ්හාව නැති නො කළ නිසා ම, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි කාමයන් කෙරෙහි රාගය තිබීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ පළවෙනි බන්ධනය කියල කියන්නෙ ‛කාමයන් කෙරෙහි රාගය තිබීම’ යි.
2. සිතේ හැඳිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු කය ගැන රාගය නැති කරපු කෙනෙක් නො වෙයි. ආශාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඇල්ම නැති කරපු කෙනෙක් නො වෙයි. පිපාසය නැති කරපු කෙනෙක් නො වෙයි. සිතේ දැවිල්ල නැති කරපු කෙනෙක් නො වෙයි. තණ්හාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව කය ගැන, රාගය නැති නො කළ නිසා ම, ආශාව නැති නො කළ නිසා ම, ඇල්ම නැති නො කළ නිසා ම, පිපාසය නැති නො කළ නිසා ම, සිතේ දැවිල්ල නැති නො කළ නිසා ම, තණ්හාව නැති නො කළ නිසා ම, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි කය කෙරෙහි රාගය තිබීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ දෙවෙනි බන්ධනය කියල කියන්නෙ ‛කය කෙරෙහි රාගය තිබීම’ යි.
3. සිතේ හැඳිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු රූපය ගැන රාගය නැති කරපු කෙනෙක් නො වෙයි. ආශාව දුරු කරපු කෙනෙක් නො වෙයි. ඇල්ම නැති කරපු කෙනෙක් නො වෙයි. පිපාසය නැති කරපු කෙනෙක් නො වෙයි. සිතේ දැවිල්ල නැතිකරපු කෙනෙක් නො වෙයි. තණ්හාව නැති කරපු කෙනෙක් නො වෙයි. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව රූපය ගැන, රාගය නැති නො කළ නිසා ම, ආශාව නැති නො කළ නිසා ම, ඇල්ම නැති නො කළ නිසා ම, පිපාසය නැති නො කළ නිසා ම, සිතේ දැවිල්ල නැති නො කළ නිසා ම, තණ්හාව නැති නො කළ නිසා ම, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි රූපය කෙරෙහි රාගය තිබීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ තුන්වෙනි බන්ධනය කියල කියන්නෙ ‛රූපය කෙරෙහි රාගය තිබීම’ යි.
4. සිතේ හැඳිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු හොඳ හැටි බඩ කට පිරෙනකම් වළඳනවා. ඊට පස්සේ ඇඳ පුටුවල පෙරළීගෙන ඉන්න සැපයට අහුවෙලා, එහාට මෙයාට පෙරලි පෙරලි හාන්සි වෙන සැපයට අහුවෙලා, නින්දෙන් ලැබෙන සැපයට අහුවෙලා වාසය කරනවා. පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුව හොඳ හැටියට බඩ පිරෙනකම් වළඳලා, ඇඳ පුටුවල පෙරලීගෙන ඉන්න සැපයට අහුවෙලා, එහාට මෙහාට ඇඟ පත පෙරල පෙරලා හාන්සි වෙන සැපයට අහුවෙලා, නින්දෙන් ලැබෙන සැපයට අහුවෙලා වාසය කළොත්, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි හොඳට වළඳලා පෙරලි පෙරලි නිදියගන්න තියෙන ආශාව නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ සිව්වෙනි බන්ධනය කියල කියන්නෙ ‛හොඳට වළඳලා පෙරලි පෙරලි නිදියගන්න තියෙන ආශාව තිබීම’ යි.
5. සිතේ හැඳිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු මහණ ජීවිතය ගෙවන්නේ යම් කිසි දිව්‍ය ලෝකයක උපදින්න සිත පිහිටුවා ගෙනයි. ‛මම මේ සීලයෙන් හරි, මේ ව්‍රතයෙන් හරි, මේ තපසින් හරි, මේ බඹසරින් හරි, දෙවියෙක් වෙන්න ඕන. එක්කො කවර දෙවි කෙනෙක් හරි වෙන්න ඕන’ කියලා. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව තුළ හිතේ අධිෂ්ඨානයක් ඇති කරගෙන තියෙනවා නම් ‛දිව්‍ය ලෝකයක උපදින්න ඕන. මම මේ සීලයෙන් හරි, මේ ව්‍රතයෙන් හරි, මේ තපසින් හරි, මේ බඹසරින් හරි, දෙවියෙක් වෙනවා. කොයි විදිහෙ දෙවියෙක් හරි වෙනවා’ කියල. එතකොට ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි දෙව්ලොව උපත පතාගෙන බඹසර හැසිරීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුව ගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නො කළ පස්වෙනි බන්ධනය කියල කියන්නෙ ‛දෙව්ලොව උපත පතාගෙන බඹසර හැසිරීම’ යි.
ඒ භික්ෂුව ගේ හිතේ සම්පූර්ණයෙන් ම නැති නො කරපු, සිතක බැඳුන බන්ධන පහ කියල කියන්නෙ ඕවට තමයි.

Wednesday, June 17, 2009

අචාන් චා ස්වාමින් වහන්සේගේ පරිවර්ථිත සිංහල පොත්

වර්ථමානයේ රහතන් වහන්සේ කෙනෙකු ලෙස සලකන අචාන් චා ස්වාමින් වහන්සේගේ පරිවර්ථිත සිංහල පොත් වගයක් හදිස්සියෙන් අන්තර්ජාලයෙන් මතු වුනා ඔබත් ඒවා බාගත කරගන නිදහස් වෙලාවට කියවා ධර්මාවබෝධය ලබා ගන්න.

PDF සිංහල පොත්

මතට තිත -කටේ විට

මගෙ යාලුවෙක් ඊයෙ හරි ප්‍රශ්නයක් අරන් ආව එයගෙ යාලුවෙකුට සිද්ද වෙච්ච අපහසුතාවක් ගැන. මෙයා අන්‍ය ආගමික යාලුවො ටිකක් එක්ක පාටියකට එකතු වෙලා තියනව. කොහොමත් පාටිවලදි එකතු වන අය ඩ්‍රින්ක් එකට එකතු වෙනවනේ. මතට තිත මතෘකාවට ඇවිත් තියනව. අපේ බෞද්ධ යාලුවත් මොනව හරි කියන්න අතිනෙ. ඔතනදි අන්‍ය ආගමිකයන්ගෙන් ප්‍රශ්ණයක් අවිත් තියනව, මොකක්ද ? ඔයාලගෙ හාමුදුරුවරු කටේ විට තියාගන මතට තිත ගැන කතා කරන්නෙ කොහොමද කියල?, කොහොම හරි අපේ යාලුවත් මොකක් හරි උත්තරයක් දීල තියනව. මේ ගැන ඔයාල දරන මතය මොකක්ද? මම නම් හිතන්නෙ ඒ තර්කය වැරදී, මොකද විත මත් ද්‍රව්‍යක් ලෙස ශ්‍රි ලංකාවේ සලකන්නෙ නෑ . අනික අපේ ස්වමින් වහන්සේලා මත් ද්‍රව්‍ය වෙනුවට බුලත් විට කන්නෙත් නෑ, කොහොමත් මෙහෙම ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියාම ගොඩක් අයට පැටලෙන හින්ද මේ ගැන බ්ලොග් සටහනක් දාල සකච්චා කරන්න හිතුන.

Monday, June 15, 2009

භික්ෂුව තුළ ප්රහාණය වෙලා නැති සිතේ ඇණිලා තිබෙන හුල් පහ?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
ඒ භාග්යසවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
2. සීහනාදවග්ගෝ
2. සීහනාද වර්ගය
1.2.6. චේතෝඛිල සූත්ර්ය
( සිතක ඇණෙන හුල් ගැන වදාළ දෙසුම )
මා හට අසන්නට ලැබුනේ මේ විදියටයි. ඒ දිනවල භාග්යාවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එදා භාග්යවවතුන් වහන්සේ “පින්වත් මහණෙනි”යි කියල භික්ෂූන් වහන්සේලා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලත් භාග්යිවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී භාග්යවවතුන් වහන්සේ මේ දේශනාව වදාළා.
පින්වත් මහණෙනි, සිතක ඇණෙන හුල් පහක් තියෙනවා. ඒ හුල් පහ භික්ෂුවක ගේ සිතින් ප්ර හාණය වෙලා නැත්නම්, ඒ වගේ ම සිතකට බැඳෙන බන්ධන පහක් තියෙනවා. ඒ පහත් භික්ෂුව තුළ සම්පූර්ණයෙන් ම නැති වෙලා නැත්නම්, ඒ භික්ෂුව ඇත්තෙන් ම මේ බුද්ධ සාසනයේ දියුණුව කරා, ගුණදහම් වැඩීමක් කරා, ලොකු දියුණුවක් කරා යනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නො වෙයි.
මොනව ද ඒ භික්ෂුව තුළ ප්රුහාණය වෙලා නැති සිතේ ඇණිලා තිබෙන හුල් පහ?
1. පින්වත් මහණෙනි, භික්ෂුව ශාස්තෘන් වහන්සේව සැකකරනවා. විශ්වාසයක් නෑ. අවබෝධයක් නෑ. පැහැදීමක් නෑ. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ ශාස්තෘන් වහන්සේ ගැන සැක කිරීමක් තියෙනවා නම්, අවිශ්වාසයක් තියෙනවා නම්, අවබෝධයක් නැත්නම්, පැහැදීමක් නැත්නම්, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරුකරලා කුසල් දියුණු කරගැනීමට වීරිය වඩන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කිරීම නැමැති ‛හුල’. ප්රෙහාණය නොවී තිබෙන සිතේ ඇණුන පළවෙනි ‛හුල’ කියල කියන්නේ මෙයටයි.
2. සිතේ ඇනිච්ච තවත් හුලක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව ධර්මය ගැන සැකකරනවා. ධර්මය විශ්වාස කරන්නෙ නෑ. ධර්මය ගැන අවබෝධයක් නෑ. ධර්මය ගැන හිත පහදින්නෙ නෑ. පින්වත් මහණෙනි, භික්ෂුව තුළ ධර්මය ගැන ඇති සැකකිරීම, විශ්වාසය නැතිකම, අවබෝධයක් නැතිකම, පැහැදීමක් නැතිකම තිබෙනතාක් ඔහුට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරුකරලා කුසල් වඩන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි ධර්මය කෙරෙහි සැක කිරීම නැමැති ‛හුල’. ප්රමහාණය නොවී තිබෙන සිතේ ඇණුන දෙවෙනි ‛හුල’ කියල කියන්නේ මෙයටයි.
3. සිතේ ඇනිච්ච තවත් හුලක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව සංඝයා (මාර්ගඵලලාභී පැවිදි ශ්රාේවකයින්) කෙරෙහි සැකකරනවා. විශ්වාස කරන්නෙ නෑ. අවබෝධයක් නෑ. පැහැදීමක් නෑ. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ සංඝයා ගැන සැක කිරීමක් තියෙන කොට, අවිශ්වාසයක් තියෙන කොට, අවබෝධය නැතිකම තියෙන කොට, පැහැදීම නැතිකම තියෙන කොට ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරුකරලා කුසල් වඩන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි මාර්ගඵලලාභී ශ්රා වකය සංඝයා කෙරෙහි සැක කිරීම නැමැති ‛හුල’. ප්රෙහාණය නොවී තිබෙන සිතේ ඇණුන තුන්වෙනි ‛හුල’ කියල කියන්නේ මෙයටයි.
4. සිතේ ඇනිච්ච තවත් හුලක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව නිවන් දකින වැඩපිළිවෙල සැක කරනවා. විශ්වාස කරන්නෙ නෑ. අවබෝධයක් නෑ. පැහැදීමක් නෑ. පින්වත් මහණනි, ඒ භික්ෂුව නිවන් දකින වැඩපිළිවෙළ ගැන සැක කිරීමක් තියෙන කොට, අවිශ්වාසයක් තියෙන කොට, අවබෝධය නැතිකම තියෙන කොට, පැහැදීමක් නැතිකම තියෙන කොට ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරලා, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි නිවන් අවබෝධ පිණිස හික්මෙන වැඩපිළිවෙල කෙරෙහි සැක කිරීම නැමැති ‛හුල’. ප්රෙහාණය නොවී තිබෙන සිතේ ඇණුන සිව්වෙනි ‛හුල’ කියල කියන්නේ මෙයටයි.
5. සිතේ ඇණුන තවත් හුලක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව සබ්රතහ්මචාරීන් වහන්සේලා (තමන් සමඟ එකට පිළිවෙත් පුරන සහෝදර ස්වාමීන් වහන්සේලා) ගැන කිපෙනවා. අසතුටු වෙනවා. ගැටෙනවා. තරහ හුලක් ඇති කරගන්නවා. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ සබ්රටහ්මචාරීන් වහන්සේලා ගැන කෝපය තියෙන කොට, නො සතුටු සිතක් තියෙන කොට, ගැටුණු සිතක් තියෙන කොට, තරහ හුලක් තියෙන කොට, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි සබ්ර,හ්මචාරීන් වහන්සේලා කෙරෙහි කෝපයෙන් සිටීම නැමැති ‛හුල’. ප්රනහාණය නොවී තිබෙන සිතේ ඇණුන පස්වෙනි ‛හුල’ කියල කියන්නේ මෙයටයි.
භික්ෂුව ගේ සිතේ ප්ර්හාණය වෙලා නැති සිතේ ඇණුන හුල් පහ කියල කියන්නේ මෙන්න මේවාටයි.

Friday, June 12, 2009

රුවන් වැලි සෑය ලඟ මහා පින්කමක්

ලඟදීම රුවන් වැලි සෑය ලඟ මහා පින්කමක් තියනව ඔබත් සහබාගී වී සසර දුකින් නිදහස් වන කුසල කර්ම සමුදායක් සිදු කර ගන්නා ලෙස මෙත් සිතින් දන්වා සිටිමු.

වැඩි විස්තර පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

අරියමග්ග
අරියඉන්ෆො

තෙරුවන් සරණයි

Thursday, June 11, 2009

බියකරුයි අමිහිරියි ඒ සසර

බියකරුයි අමිහිරියි ඒ සසර

අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි
ඇත්තමයි බුදු හිමියනේ
සැම දෙසේ දකිනවා
මට පෙනෙනවා

සත්‍යමයි ඒ දහම්
මී රසයි මා සිතට
සැම විටම සිරි සදහම්

සැම විටම වෙලී ඉන්නට
ඒ අමා දහම් තුල
හිත කියනවා එසේ ඉන්නට
අදිනවා මහා සසරට
මාරයන් මා වට කර

බියකරුයි අමිහිරියි ඒ සසර
මට පේනවා මට දැනෙනවා
බුදු හිමියනේ බුදු හිමියනේ

අසරණයි මා අද දිනේ
නොදනිමි හිමි දෙසූ ඵලයන්
සිතට බිය එනවා
කෙසේ නික්ම යන්නදැයි කියා
මේ රුදුරු භව කතරෙන්


2009-5-27

බොදු සිත වෙබ් පිටුව

මේ දවස්වල මම උත්සාහ කරන්නේ බොදු සිත වෙබ් පිටුව හදා ගන්න යන්තන් ඒත් තව වැඩි දියුණු කරන්න ඕනෙ. ඔබත් ඇවිත් බලල අඩුපාඩු පෙන්නා දෙන්න. ඒ වගේම එහි වැඩි දියුනුවට ඔබගේ ගුරු හරුකම් අගය කොට සලකමි. ඔබ දන්න චූටි දෙයද මට ඉතා වටිනවා විය හැක. එය ඉතා අගය කරමි.

තෙරුවන් සරණයි

වෙබ් මග

Tuesday, June 9, 2009

බියකරුයි මේ සසරම

නිත්‍ය නෑ මේ දිවිය
සුඛය නෑ මේ දිවියෙ
අනාත්මය නොපෙනේ මට
වෙනස් වන දිවිය තුල
කෙසේ දකින්නද එසේ
අසාර වූ දිවිය ගෙවමින්

සාරය හිමිගෙ සසුනේ
තිඛෙයි සැමදා හිමියනේ
ගිහිව හිදිමින් මා මෙසේ
සාර ගන්නට සාසනේ
අත් හරින්නේ කෙසේදැයි
කියා නොම මා දන්නේ

එහෙත් හිමියනේ බුදු හිමියනේ
බියකරුයි මේ සසරම
අසරණයි අප සැමදාම
අතැර එන්නට හිමිගෙ සසුනට
වෙර ලැබේවා ලබන භවේ

ගිහි දිවිය එපා මට ඒ භවේ
රැදේවා සදහම් සිත් තුල මේ ලෙසේ
නිසරු දේ දකීවා සැමවිටම
කැමති සිත පවතීවා එතෙර වන්නට
නිමක් නැති මේ බියකරු සසරින්


2009-5-27

Monday, June 8, 2009

මගේ අන්තර්ජාල ආගමික පාරවල්

මගේ අන්තර්ජාල ආගමික පාරවල් ටික එකතු කරලා අලුතින් වෙබ් පිටුවක් හදා ගත්ත. ඉදිරියේදී හම්බවෙන අලුත් ඒවත් එකතු කරන්න බලාපොරොත්තු වෙනව ඔබ දන්නා වෙබ් ලින්ක් එවන්න.

මේ මඟ යන්න

තෙරුවන් සරණයි

Wednesday, June 3, 2009

මිහිඳු හිමි වැඩියා



මිහිඳු හිමි වැඩියා


මිහිඳු හිමි වැඩියා
වැඩියා මිහිඳු හිමි වැඩියා
අඳුරු ලක්දිව එකලූ කරන්නට
මිහිඳු හිමි වැඩියා

මිහින්තලා පව්වේ මුඳුනේ
හිමි වැඩ ඉන්නේ
දොහොත් මුදුන් දී සමිඳුට
රජු වැඳ ඉන්නේ

ඤාණ විමසමින් රජු වෙත
හිමි පැන දෙන්නේ
පැනද විසඳමින් මහ රජු
තිසරණ යන්නේ

ණැන තිබු රජු මඟ
රට වැසි යන්නේ
බුදු හිමි දෙසු දම් ලක් දිව
පිං කෙත බවට ගෙනෙන්නේ


2009-5-27

Monday, May 25, 2009

වඳිමු මිහිඳු හිමි සැමදා


වඳිමු මිහිඳු හිමි සැමදා

නමෝ නමෝ නමෝ හිමි සඳුනේ
මෙත් සසුරින් දෝතක් ගෙන
කරුණා කරන්නේ කරුණා කරන්නේ
මහා පිනැති බුදු පුතුනේ

බුදු හිමි දෙසු දහම් අමා
රැගෙන පැමිණි හිමි සඳුනේ
දැහැමි කෙතක් ලක් දෙරණේ
ඇති කල අනු බුදු සමිඳේ

නමස්කාර කරමු මෙසේ
පුදා පහන් මලින් සදා
මෙත් කඳුලින් සිත් සනසා
වඳිමු මිහිඳු හිමි සැමදා

බුදු හිමි සඳහම් පවතාලන්නයි
ශ්‍රී සදහම් ගෙන හිමි වැඩියේ
දිවි දෙවනුව සලකා බොදු ජන
සිරි සදහම් හෙට ගෙන යන්නේ

Monday, May 18, 2009

මෛතී්‍ර බුදුුන් නොදකින්නෝ, දකින්නෝ

මෛතී්‍ර බුදුුන් නොදකින්නෝ


මෛතී්‍ර බුද්ධ කාලය වන විිට මිිනිසුන්ගේ පරමායුෂ අවුරුදුු අසූ දහසක් වෙයි . මේි මෛතී්‍ර තථාගතයාණෝ ඒ අවුරුදුු අසූ දහසම ජීවමානව වැඩ සිටින්නාහ. මේ ගෞතම බුද්ධ ශාසනයෙහි කුසල් කල බොහෝ ජනයා මෛතී්‍ර බුද්ධ ශාසනයෙහි තම තමන් පැතූ අයුරින් නිවන් දක්නාහුය. ඒ මෛතී්‍ර බුද්ධ ශාසනය තථාගතයන් වහන්සේ පිරිණිවන් පෑමෙන් පසුද එක්ලක්ෂ අසූ දහසක් අවුරුදු පවත්නේය.

තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ නොදකින්නෝ කවරහුද යත්? මව් මැරුවෝද පියා මැරුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. රහතුන් වහන්සේලා මැරුවෝද ඒ මෛත්‍රී බුදුුන් නොදකින්නාහුය. ලෝහිතුප්පාදක ( බුදුන්ගේ ඇෙඟ් ලේ සෙලවීීම ) පාප කර්මය කලෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය . සංඝ බේදය කළෝද ඒ මෛත්‍රී බුදුුන් නොදකින්නාහුය. දාගැබ් බිින්ඳෝද පෙති පිළිම බෝ ගස් වැනසුවෝද රන් රිදී බුදු පිලිම සොරකම් කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය

බණ පොත් විිනාශ කලෝද සඟසතු දේපල ගසා කෑවෝද ඒ මෛත්‍රී බුදුුන් නොදකින්නාහුය. මහණ බමුණන්ට හිරිහැර කළෝද, මව්ි පියන්ට හිංසා පීඩා කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝද දන් වැට පුද පඩුුරු ගසා කෑවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝද කපටිි වංචනිකයෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය.

මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- ප්‍රාණඝාත කළෝද ඒවාට අනුබල දුන්නෝද සොරකම් කලෝද සොරකමට අනුබල දුන්නෝද අනාචාරයෙහි හැසිරුණෝද එයට අනුබල දුන්නෝද ජ් බොරු කීවෝද පරුෂ වචන කීවෝද සම්ිපප්‍රලාප දෙඩුවෝද එකී පාපයන්ට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය මත් පැන් බීවෝද මත් පැනට අනුබල දුන්නෝද මත් ද්‍රව්‍ය පැතිර වූවෝද ඒ මෛත්‍රී බුදුුන් නොදකින්නාහුය ජ් සතුන් මරා මස් කෑවෝද එයට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය - මරණු පිණිස සතුන් ඇතිකළේද මැරීමට විිකුණනු ලැබූවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය.

බොරු සාක‍ෂි දුන්නෝද බොරුවට දිවුරුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- ණය ගෙන ණය නුදුන්නෝද ගිනි පොලීකරුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- අන් හට ලැඛෙන දෙය වැළැක්වූවෝද අනුන් නොමග යැවූවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- නිසි ලෙස මහණදම්ි නොපුරමිින් දුසිල් ඡීවිීත ගත කළෝද පැවිිදිව පැවිිදිකම්ිහි නොයෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- අල්ලස් ගත්තෝද ඒ පාපයට අනුබල දුන්නෝද ගේ දොර ගිනි තැබුවෝද ඒ මෛත්‍රී බදුන් නොදකින්නාහුය- ගහ කොළ භෝග වගාවන් විිනාශ කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- වෂ විිෂ කැව්ිවෝද හදි හූනියම්ි කලෝද එකී පාපයන්ට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- හොර ජාවාරමි කරුවෝද අධිික මිලට වෙළහෙලදාම්ි කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය- බොරුවෙන් වන්චාවෙන් චාටුවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නොමග යැව්වෝද නපුරු අවි ආයුධ තැනුවෝද එකී පාපයන්ට අනුබල දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය

අනේකාකාර ක්‍රම උපක්‍රම වලින් රට වැසියාට හිංසා පීඩා පැමිිණ වූ රජ මැති ඇමති පාලකයෝද වැව්ි පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය දරුවන් නොමග යැව්ිවෝද යුතුකම් පැහැර හැරියෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය සර්වඥ ධර්මය පහත් කොට සැලකු=වෝද මාන්න අධිිකව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකු=වෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය අඹුදරුවන් අතරමං කළෝද අනුන් බය ගැන්නුවෝද ඒ මෛත්‍රී බුදුන් නොදකින්නාහුය

ඉහත කී පරිදි අකු=සල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නොදකින්නේ කවර හෙයින්ද යත් මෙි පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය සංඝාතය කාලසූත්‍රය රෞරවය මහා රෞරවය තාපය ප්‍රතාපය අවීීචිය යන අටමහ නරකයන්ට වැටීී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විිදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විිටද මෙකී නොකී පවුකම් කළෝ ඒ අපායන්හිම වෙසෙන බැවිින් අහෝ එවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නොදැකිය හැකි වන්නේමය


මෛතී්‍ර බුදුුන් දකින්නෝ

තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. වැව් පොකුණු බැන්දෝද ඒදඩු පාලම් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ධර්ම දේශනා කළෝද ධර්ම ශ්‍රවණය කළෝද ධර්මය ලියන ලද්දෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය පන්සල් තැනුවෝද ගිලන් හල් තැනුවෝද අනාථාගාර ඉදි කරවූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝද මහජනයා කුශල්හි යෙදවූවෝ පැවිද්දෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය ආහාර පාන දන් දුන්නෝද ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝද මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය කෙත්වතු පිදුවෝද සිවුරු රෙදිපිලි පදුවෝද මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට ආධාර උපකාර කළෝද භාෂා ශාස්ත්‍ර දියුණුවට පොත පත කරවූවෝද ඒ මෛත්‍රී බදුුන් දැක නිවන් දක්නාහුය

පිලිම ගෙවල් ඉදිකරවූවෝද පෙති පිලිම කරවූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝද ඒවා බිතු සිතුවම් කරවූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . ගිලනුන්ට උපස්ථාන කලෝද රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝද වසංගත රෝග වලක්වාලුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . සතුනට කරන හිංසා වැලැක්වූවෝද ගිලන් සතුනට බේත්හේත් කළෝද බන්ධනගත සතුන් මුදා හැරියෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය .

තවද මවුපියන්ට උපස්ථාන කලෝද ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . තුණුරුවන් උදෙසා උඩුවිියන් පාවඩ පිදුවෝද ශබ්ද පූජා පැවැත්වූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . සුවද දුම් පිදුවෝද පහන් ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බදුුන් දැක නිවන් දක්නාහුය .බණ අසන්නට හඩගෑවෝද බණ දෙසන කල්හි සාධුකාර දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝද වැසියන් නොතලා අයබදුු ගත් රජදරුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය . පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝද වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝද වස් කාලයන්හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝද මංමාවත් ඉදිකර වූවෝද අම්බලම් තැනුවෝද දන්සැල් පැවැත්වූවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ති්‍රවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝද බුදු සිරිතෙන් සරසා වෙසක් තොරන් බැන්දෝද තුණුරුවන් උදෙසා පහන් කූඩු ඈ විසිතුරු කළෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. නැති බැරි අයගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝද මරණාධාර සමාගම් පැවැත්තුවෝද ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

ඝණ්ඨාර පිදුවෝද දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝද බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ගඨිණ පින්කම් කළෝද වන්දනා ගමන් ගියෝද ගෞතම බුදුපියානන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ තැන් වැද පුදා ගත්තෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. මරණයට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝද ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

තවද අනුන්ට ඊර්ෂ්‍යා නොකලෝද මුදිතාව දියුනු කළෝද මෙත් වැඩුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. වෛර නොකලෝද කරුණාව පැතිරවූවෝද සාමය රැක්කෝද පි්‍රය වචන කථා කළෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝද සලාක දන් දුන්නෝද කොඩි කුඩ පහන් පිදුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝද බෝධිඝර කරවූවෝද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. අනාථයත්ට උපකාර වූවෝද ඛෙහෙත් ගස් සිටුවූවෝද ගස් කොලන් වැවුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. ජලාශ පිහිටවූවෝද සතුන්ට ඛෙහෙත් කළෝද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝද වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

ඉහත දැක්වූ කුශල ධර්මයන්හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් ?

මෙකී නොකී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය , තුසිතය , නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන්හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය , මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජානන් වහන්සේගේ කාලයේදී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ, සකල සම්පත්තියෙන් අනූන , කේතුමතී නම් රාජධානියෙහි රජ ‐ මැති ‐ ඇමති ‐ මහසල් ඈ උසස් පවුල්වල උපත ලබන්නාහුය¡ සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන්ව ඉපිද,
ඒ මෛත්‍රී බුදුන්් දකින්නාහු ම ය.

මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් සAතී්‍ර පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන්් දැක තම තමක් පැතූ පරිදිම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බන අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහුය.



උපුටා ගැනීම



කේතුමතී රාජධානිය
(වෙසක් කලාපය බු ව 2544 ක්‍රි ව 2000)
කොටුගොඩ ධමමාවාස අනුනාහිමි
දෙහිවල බෞධෝදය සංගමය

Friday, May 15, 2009

අවදි වන්න කාලයයි………………………

අවදි වන්න කාලයයි………………………
ඇයි ඇයි ඇයි ……………?
විදොවන්නේ
විඳින්නේ
ඵල දෙන්නේ
රැස් කරන්නේ
ඉවර කරන්නේ
නතර කරන්නේ
කොහේද යන්නේ………
කොහේට යන්නද හදන්නේ ………
හැම මොහොතෙම
කාටද මේ එකතු කරන්නේ……… අකුසල්
පවුලටද ?
ගමටද ?
රටටද ?
මොනවද අපි ලඟ ඉතිරි වෙලා තියෙන්නේ…………… ඒ
අකුසල් විතරමද……………………???
මොනවද අපි ගෙනියන්නේ………
ඔබ හිස් අතින් නේද……
අවදි වෙන්නේ කවදාකද
මේ මර නින්දෙන්………
කාලය එළඹ ඇත
දෑස් හැර බලන්න
නිවැරදිම මඟ දෙස
වැටි වැටී ආ මඟ
දැනුදු වැටෙමින් පවතින ආකාරය

එලෙසම අනාගතයත්…………………
අන්ධව යන්නටද අවැසි ?
ඔබ පමා වී ඇත…

නොපමා වෙන්නේ කවදාද ?
වචනයක් පමනක්ම වී ඇත නොපමාව
නොපමාවේ අරුත කිමදැයි……
අවදිව බැලූවාද ?
අකුසලෙහි සිටින ඔබ හට
නිරයෙහි දොරවල් වසා නැත
වසා ඇත්තේ දෙව් ලොව දොරවල් පමනි
විවර කරන්නට දෙව් ලොව මාවත
නෙත් හැර බලන්න නිදිගත් නින්දෙන්
එවිට ඔබ දකීවි
ලොවක් ඇති බව එයින් ඔබ්බට
එයින් ඔබ්බටත් ඔබ්ඛෙන්
ඊටත් එහායින් එහාට යන්නට
ඔබට මඟ ඇත
අවදි වන්න
කාලය එළඹ ඇත
හිරු පායා ඇත
දැන් දහවලයි
පමාව මියෙන්නටය
නොපමාව නොමියෙන්නටය