Thursday, July 9, 2009

තිත්ත ඇත්ත



අද හරිම දුක්ඛ දායක කතාවක් ඇහුන. මම අඳුනන ආරන්‍යගත සිලවත් ස්වාමීන් වහන්සේ නමක් බන භාවනා කරගන නිදහසේ දහම් අධ්‍යයනයක යෙදෙන්න නිදහස් ස්තානයක් සොයමින් ඉන්නව, ඉතින් එක දොස්තර මහත්තයෙක් එයාගෙ ඉඩමක් ආරණ්‍යයට පූජා කරන්න තීරණය කරල පවුලෙ සියලු දෙනා එක්ක එකතු වෙලා කතා බහ කරගන ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ල තමන් නිතර ඇසුරු කරන ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ එක්ක මේ ගැන කතා කරල තියෙන්නෙ ඉතාම ආසාවෙන් ,ඉතින් හාමුදුරුවෝ ඒක අහල ඒ වඩේට අපිනම් කැමති නෑ ඕනමනම් අපිට ඉඩම පුජා කරන්න කියල. මොකද ආරන්‍යයක් හැදුනාම මිනිස්සු ඔක්කොම එහාට යනව මේ පැත්තට එන අය අඩු වෙනව කියල.
මම කල්පනා කලේ ඇයි එහෙම මේ පන්සල් වල ඉන්න හාමුදුරුවන් වහන්සේලා ආරන්‍ය ගැන භීතිකාවකින් පෙලෙන්නෙ, මේ සාසනයට පූජා වෙලා තියන භූමිය, එක එක හාමුදුරුවරුන්ට පෞද්ගලිකව බෙදා ගන්න පුලුවන්ද? තමන් සිටින පන්සලට සැදැහැවතුන්ගේ පැමිනීම අඩු වෙලා තියෙන්නෙ ඇයි කියල කල්පනා කරන්නෙ නැතුව සැදැහැවතුන්ගේ පැමිනීම වැඩි තැනට ඊර්ශා කර කර ඉන්නව,
අඩුම තරමින් එහෙම හිතන ස්වමින් වහන්සේලා දන්නෙ නෑ , සිහි කරන්නෙ නෑ කර්මය හා කර්ම ඵල ධර්මය ගැන. ඒක විස්වාස කරනවනම් ඒ වගේ ඊර්ශාකාර කම් කරන්නෙ නෑ, ධර්මය දෙශනා කරන අය ධර්මය අනුව තම්න්ගෙ සසර මග හැඩගස්සවා ගන්නේ නැත්තම්, ඒ බන අහන අයට ඒ බන දහම් තුල විශ්වාසය ගොඩ නැගෙන්නේ කොහොමද?

මගේ පැතුම: සියලු ස්වාමින් වහන්සේලාට දර්මාවබෝධය පිලිබඳ සිත් ඇති වේවා !, වීර්ය ඇති වේවා !, ගිහි පින් වතුන්ගේ ශක්තිය අනුග්‍රහය නිබඳව ලැබේවා !

සාසනාරක්ශාව වහා මේ ශ්‍රී ලංකාද්වීපයේ ඇති වේවා !

3 comments:

  1. බොහෝ විට දැන් සිටින ස්වාම්න් වහන්සේලා ආරන්‍ය සේනාසන වල ඉන්න ස්වාමින් වහන්සේලාට විරුද්ධය. එය මා විසින් හොදින් අත් දැක ඇති කාරණයකි. හේතුව වන්නේ ලාභ සත්කාර කිර්ති ප්‍රසංශාවට ඇති කෑදරකම මිස වෙන කිසිවක් නොවේය. ලාභ සත්කාරයට ඇති කැදර කම නිසා තමන්ට හිමි දෙයක් වෙන කිසිවකුට ලැබෙනවාට විරුද්ධය. එම නිසා බොහෝ හිමිවරු මෙයට විරුද්ධ වේ. පිඩුසිගා වඩින අල්පේශාක්‍ය ජිවිත ගත කරන හිමි නමක් දුටු විටම පැහැදීමක් ඇති වේ. එය මේ හිමි වරුන්ට බලවත්සේ පහර ගැසිමකි. එම නිසා මේ හිමි වරුන් ආරන්‍ය සේනාසන වල‍‍ට කැමති නැත.

    ReplyDelete
  2. ඔය ආරන්‍ය සහ ග්‍රාමවාසි යන දෙපිරසගේ ගැටලුව අද පමණක් නොවෙයි ඉතිහාසය පුරාවටම තිබුන දෙයක් මහා පැරකුම් රජතුමා මෙ දෙක සමගි කරා එත් නැවත් බෙදිම් ඇතිවුනා ඇත්තටම මෙ තත්වය ගැන දුකයි මිනිස්සුන්ගෙන් නියමාකාර ජනමතයක් ඇතිඋනොත් මෙ තත්වය වෙසකට ලක්කරන්න පුලුවන් මෙ දෙගොල්ලන්ම අතරේ වංචාකාරයෝ හොදට ඉන්නවා (Word verification ඉවත් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි )

    ReplyDelete
  3. තවමත් තායිලන්තයේ පවතින "ධුත්තංග කම්මත්ථාන භික්ෂූන් වහන්සේලාගේ උන්වහන්සේලාටම විශේෂ වූ සික්ශා පද 13 කින් පලමුවැනි හය මෙසේ සඳහන් වී ඇත.
    1. වාසස්ථානය ගසක් යට වීම - රුක්ඛමූලේ නිසින්නෝවා"
    2.ආහාරය සඳහා නිතිපතා පිණ්ඩපාතයෙන් පමනක් යැපීම.
    3.පාත්‍රයෙන් පමනක් ආහාර ගැනීම
    4.දිනකට එක්වරක් පමණක් ආහාර ගැනීම
    5. ඉවතලන, (පාංශුකූල ) වස්ත්‍ර පමණක් සිවුරු සඳහා උපයෝගී කර ගැනීම
    6.පින්ඩපාතයෙන් පසු කිසිම ආහාරයක් පිලි නොගැනීම.

    මේ අනුව බලන කල අපේ ස්වාමීන් වහන්සේලාට බොහෝ දුර ගමන් කල යුතුව ඇත!!!මේ පුහුනුවීම අදටත් තායිලන්තයේ දක්නට ලැබේ.

    ReplyDelete

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !