Tuesday, July 28, 2009

අවසරයි

මව් තුමනී පිය තුමනී
අවසරයි අවසරයි
හැරදා යන්නට
අවසරයි අවසරයි

මවි රැකුමට ඇත සොයුරන්
වතුපිටි රැකුමට ඇත සොයුරන්
රට වට රැකුමට මා සොයුරන්
ඇත බුදූනේ නිවසේ

සාසන රැකුමට නැත සොයුරන්
නොපෙනී යයි දම් පදවැල්
විවර කරන්නට කාලයයි දම්
මව් තුමනී පිය තුමනී

එළිය කරන්නට ශක්තිය දෙන්නට
දම් පද පෙනෙනා සේ
ඔබද කරන්නෙමි මව් පිය සසුනේ
මා හරදා ගිහි ගේ

චමි

1 comment:

  1. ඔබ කවුරු උනත් මේ කරන වැඩේ නම් නිවනට හේතු වෙන කාරනයක් නොවේ....ආගම නැසිම කැත වැඩකි.

    ReplyDelete

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !