Wednesday, June 17, 2009

මතට තිත -කටේ විට

මගෙ යාලුවෙක් ඊයෙ හරි ප්‍රශ්නයක් අරන් ආව එයගෙ යාලුවෙකුට සිද්ද වෙච්ච අපහසුතාවක් ගැන. මෙයා අන්‍ය ආගමික යාලුවො ටිකක් එක්ක පාටියකට එකතු වෙලා තියනව. කොහොමත් පාටිවලදි එකතු වන අය ඩ්‍රින්ක් එකට එකතු වෙනවනේ. මතට තිත මතෘකාවට ඇවිත් තියනව. අපේ බෞද්ධ යාලුවත් මොනව හරි කියන්න අතිනෙ. ඔතනදි අන්‍ය ආගමිකයන්ගෙන් ප්‍රශ්ණයක් අවිත් තියනව, මොකක්ද ? ඔයාලගෙ හාමුදුරුවරු කටේ විට තියාගන මතට තිත ගැන කතා කරන්නෙ කොහොමද කියල?, කොහොම හරි අපේ යාලුවත් මොකක් හරි උත්තරයක් දීල තියනව. මේ ගැන ඔයාල දරන මතය මොකක්ද? මම නම් හිතන්නෙ ඒ තර්කය වැරදී, මොකද විත මත් ද්‍රව්‍යක් ලෙස ශ්‍රි ලංකාවේ සලකන්නෙ නෑ . අනික අපේ ස්වමින් වහන්සේලා මත් ද්‍රව්‍ය වෙනුවට බුලත් විට කන්නෙත් නෑ, කොහොමත් මෙහෙම ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියාම ගොඩක් අයට පැටලෙන හින්ද මේ ගැන බ්ලොග් සටහනක් දාල සකච්චා කරන්න හිතුන.

4 comments:

  1. http://manojcola.blogspot.com/2008/10/blog-post_27.html

    කියවන්න.

    ReplyDelete
  2. මම අහලා තියෙන විදිහටනම් බුලත් විට මත්ද්‍රව්‍යක් හැටියට සැලකෙන්නේ නැහැ.

    ReplyDelete
  3. මං හිතන්නේ ඕක ගොඩක් දෙනා පටලවගන්නේ දුම්කොල මත්ද්‍රව්‍යයක් නිසා වෙන්නැති.

    ReplyDelete
  4. මතු කරලා පෙන්නන්න ඕනේ නැති වුනාට ඔයාගෙ සටහන ඇතුලේ අන්‍යාගමිකයින්ට offensive වදන් දෙක තුනක් තියෙනවා. පරිස්සමෙන් කියවලා බලලා අයින් කරන්න. බෞද්ධ අපි විතරක් නොබොන අය කියලා හිතන්න එපා.

    මම හිතන්නේ විට තමන් පාවිච්චි කරන ආකාරයට එය මත ද නැත්ද කියන එක තීරණය වෙනවා. ශ්‍රී ලංකාවේ ගනන් ගන්නවද නැද්ද කියන සිල්ලර කාරණා බලපාන්නේ නැහැ. තමන් එය පාවිච්චි කරන්නේ මොන විදියටද කියන එක මත තමයි එය බලපාන්නේ. ඒ විදියට බලද්දි මත්ද්‍රව්‍යයක් විදියට භාවිතා කරන "භික්ෂූන්" ඉන්නත් පුලුවන්.

    ReplyDelete

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !