පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. බාලයා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පව් කයින් කරපු දුසිරිත්, වචනයෙන් කරපු දුසිරිත්, මනසින් කරපු දුසිරිත් තමන්ට මැවිලා පෙනෙන්නට පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. විශාල පර්වතයක ඡායාව සවස් වෙද්දී පොළොවේ වැතිරෙනවා. අන්න ඒ වගේ තමයි. බාලයා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පව් කයින් කරපු දුසිරිත්, වචනයෙන් කරපු දුසිරිත්, මනසින් කරපු දුසිරිත් තමන්ට මැවිලා පෙනෙන්න පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.
පින්වත් මහණෙනි, එතකොට බාලයාට මෙහෙම සිතෙනවා. ‛අයියෝ! මා යහපත් දෙයක් කරගත්තේ නෑ. කුසලයක් කරගත්තේ නෑ. බිය නැතිවෙන දෙයක් කරගත්තේ නෑ. මං පව් කළා නෙව. දරුණු දේවල් කළා නෙව. දුෂ්ට දේවල් කළා නෙව. යහපත් දේවල් නොකළ, කුසල් නොකළ බිය නැති වෙන දේවල් නොකළ, පව් කළ, රෞද්‍ර දේවල් කළ, දුෂ්ට දේ කළ උදවිය උපදින තැනක් ඇද්ද, මට මරණින් මත්තේ යන්නට වෙන්නේ එහෙ තමයි’ කියල බාලයා ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. පපුවේ අත් ගසමින් හඬනවා. සිහි මුළා වෙනවා. පින්වත් මහණෙනි, බාලයා මෙලොවදී ම දුක් දොම්නස් විඳින තුන්වෙනි කාරණාව මෙයයි.
Friday, August 7, 2009
Subscribe to:
Post Comments (Atom)
පින් සිද්ද වෙනවා ඔබට තමන්ගේ තරණ කාලයේ මොකුත් වවැදගත් දෙයක් නොකරගත්තන්ටත් ඔයවගේ බයක් වෙදනාවක් උපදනවා ඇති
ReplyDelete