බුදුන් වහන්සේ මේ ලොව වැඩියා
සියළු සතුන් හට දම් සක් දෙසුවා
අසූ වයස් වූ බුදු සිළු නිවුනා
දෙදහස් හයසිය වසක් ගතවුනා
වෙසක් දිනට මේ නිති සැසෙන්නේ
බුද්ධ ජයන්තිය මේ ලෙස එන්නේ
දෙදහස් හයසිය වසක් ගෙවෙන්නේ
නොපමා සිත් මේ පිං කරවන්නේ
ලොවට උතුම් වූ පිං කෙත වපුරා
අනන්ත ගුණ ඇති බුදු හිමි දිලූනා
සසුන දිලිසෙමින් මේ ලෙස තිබෙනා
දැක අප සැදැහැයෙන් මේ මග යනවා
දෙදහස් හයසිය වසර ගෙවෙන්නේ
වෙර ඇති සිත් මේ පිබිදී එන්නේ
සතර වටේ මේ පිංකම් වන්නේ
නොපමා බොදු සිත් නිවනට යන්නේ
වෙසක් දිනට පුං සඳ දිලිසෙන්නේ
බුදු හිමි දෙසු දම් ලොවට දෙසන්නේ
නිවනට යන්නට වෙර කරමින්නේ
සියළු දෙනා අද සිල් පුරවන්නේ
ආමිසයෙන් බුදු හිමි පුදමින්නේ
දෙදහස් හයසිය වසර ගෙවෙන්නේ
සසුන නිවෙන්නට ලඟයි කියන්නේ
නොපමා අය මේ දෙව්ලොව යන්නේ
පිනට සිතැති සිත පුබුදු කරන්නේ
වෙසක් සඳයි මේ බැබළී එන්නේ
ප‍්‍රතිපත්තියටයි ණැන සිත යන්නේ
නොපමා අය මේ දස සිල් ගන්නේ
පිං ඇති දිනයකි මේ එළඹෙන්නේ
පිං ඇති සැම දෙන පිං වඩවන්නේ
දන් සල් සැම අත ඉදි කරවන්නේ
නිවනට යන්නට පිං කර ගන්නේ
කුසල් කරන්නට දිනක් තිබෙන්නේ
පුං සඳ ඒ දින කැඳවා එන්නේ
ණැන ඇති මිනිසුන් කුසල් කරන්නේ
කුසල් වඩවමින් නිවනට යන්නේ
වෙසක් දිනට අපි කූඩු තනන්නේ
වෙසක් දිනට අපි තොරන් බඳින්නේ
වෙසක් දිනට අපි දන්සැල් දෙන්නේ
වෙසක් දිනට අපි නිවනට යන්නේ
බුද්ධ ජයන්තිය සිහි කරමින්නේ
බොහෝ දනන් බුදු හිමි නමදින්නේ
අතොරක් නැතිවම කුසල් කරන්නේ
පමා නොවී අපි නිවනට යන්නේ
වෙසක් මහේ මල් නිති පිබිදේවා
දසත පිපෙින මල් මුනිඳුට වේවා
පිපෙන පිපෙන මල මුනිඳුට වේවා
නෙලන නෙලන අය නිවනට වේවා
වෙසක් සඳට මේ සෑය දිලෙන්නේ
වෙසක් සඳට මේ ධාතු වඩින්නේ
වඩින ධාතු මේ රැුස් විහිදන්නේ
බුදු රැුස් දකිමින් අපි පුද දෙන්නේ
බුදු හිමි පාමුල මලක් පුදන්නේ
ඒ බුදු කුටියේ මේ සුවඳ පුදන්නේ
එපිං බලෙන් අපි පැතුම් පතන්නේ
නොපමාවම අපි නිවනට යන්නේ
අසාර වූ මේ සසර දකින්නේ
හිමි දෙසු දම් මග අප මේ යන්නේ
සාර ලෙසට දම් පිහිටට එන්නේ
නොපමා වූවෝ නිවනට යන්නේ
අප‍්‍රමාදයයි පිහිටට එන්නේ
වෙසක් සඳයි මේ පාර කියන්නේ
ආමිසයෙන් බුදු හිමි පුද දෙන්නේ
නුවන පිරෙන්නට පහන් පුදන්නේ
බොදු සිත
Tuesday, June 21, 2011
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.
තෙරුවන සරණයි !