Friday, November 19, 2010

අධර්‍මාදී වර්‍ගය

11. අධර්‍මාදී වර්‍ගය

“නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ”

01. සද්ධම්මන්තරධාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

02. අධම්මදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ධර්මය අධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

03. අවිනයදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අවිනය විනයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

04. විනයහාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් විනය අවිනයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

05. අභාසිත දීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් නොවදාරණලද්ද, ප්‍රකාශ නොකරණලද්ද, තථාගතයන් විසින් කියන ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

06. භාසිතභාසින සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් කියනලද්ද, ප්‍රකාශ කරණලද්ද, තථාගතයන් විසින් නොකියන ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

07. අනාවිණ්ණදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදුනොකරණලද්ද, තථාගතයන් විසින් පුරුදුකරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

08. ආවිණ්ණහාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදු කරණලද්ද, තථාගතයන් විසින් පුරුදු නොකරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

09 අපඤ්ඤත්තදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් නොපණවනලද්ද, තථාගතයන් විසින් පණවනලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

10. පඤ්ඤත්තදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් පණවනලද්ද, තථාගතයන් විසින් නොපණවනලද්දේයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

අධර්‍මවාදී එකොළොස්වන වර්‍ගය නිමි.

No comments:

Post a Comment

ඔබගේ ආගමානුකූල අදහස් සැම විට අගය කරමු,අදහස් සඳහා පිරිසිඳු වචන භාවිතා කරන්න, ඔබ සියළුදෙනා වචනය පිරිසිඳු අත්තෝ වෙත්වා.

තෙරුවන සරණයි !