6. බ්‍රහ්ම සංයුත්තය
1. කෝකාලික වර්ගය
6.1.1.
( බ්‍රහ්මාරාධනය අරභයා වදාළ දෙසුම )
172. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයේ, නේරංජනා නදිය අසල, අජපල් නුග රුක් සෙවනේ වැඩසිටියේ. ඒ සම්බුද්ධත්වයට පත් වූ මුල් කාලයයි.
එතකොට හුදෙකලාවේ භාවනාවෙන් වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ ගේ සිතේ මේ වගේ කල්පනාවක් ඇතිවුනා.
“මම මේ අවබෝධ කරගත් ධර්මය හරි ගැඹුරුයි. අමාරුවෙන් දකින්න ඕන. අවබෝධයට දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. තර්ක කරලා දකින්න පුළුවන් දෙයක් නොවෙයි. සියුම්. නුවණැත්තන් විසින්ම දැක්ක යුතු දෙයක්. ඒත් මේ සත්ව ප්‍රජාව නම්, ආශාව තුළ ඉන්නෙ. ආශාවට ඇලිල ඉන්නෙ. ආශාවෙන්ම සතුටු වෙනවා. ඉතින්, ආශාව තුළ ඉන්න, ආශාවටම ඇලුන, ආශාවෙන්ම ප්‍රමුදිත වන මේ සත්ව ප්‍රජාවට හේතුඵල දහම ගැන කියවෙන, මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කිරීම ඉතා දුකසේ කළ යුතු දෙයක්. ඒ වගේම සියලු සංස්කාරයන් සන්සිඳවන, සියලු කෙලෙස් දුරු කරවන, තෘෂ්ණාව නැති වී, විරාගය, නිරෝධය නම් වූ ඒ අමා නිවන සාක්‍ෂාත් කිරීමත් ඉතා දුක සේ කළ යුතු දෙයක්. ඉතින් එහෙම එකේ මං දහම් දෙසන්න ගිහින් අනිත් උදවිය මා කියා දෙන ධර්මය අවබෝධ කරන්නෙ නැත්නම්, ඒක මට මහන්සියක්. ඒක මට වෙහෙසක්.”
එතකොටම භාග්‍යවතුන් වහන්සේට කවදාවත් අහලා නැති මේ ආශ්චර්යවත් ගාථාවන් වැටහුනා.
“මං හරි අමාරුවෙන් අවබෝධ කළේ. අනිත් අයට කියා දීල වැඩක් නෑ. රාගයටත්, ද්වේෂයටත්, යටවෙලා ඉන්න ඒ උදවිය, මේ ධර්මය නම් ලේසියෙන් අවබෝධ කරන්නෙ නෑ.
මේක උඩුගං බලා යන දෙයක්. සියුම්. ගැඹුරුයි. දැකීමට දුෂ්කරයි. ගොඩාක්ම සියුම්. රාගයට ඇලිල ඉන්න උදවිය මේ ධර්මය දකින්නෙ නෑ. අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලයි ඔවුන් ඉන්නෙ.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔය විදියට හිතන කොට, මන්දෝ්ත්සාහී බවටම යි හිත නැමෙන්නෙ, දහම් දෙසීමට නොවෙයි.
එතකොට සහම්පතී බ්‍රහ්මයාගෙ සිතින්, භාග්‍යවතුන් වහන්සේගේ සිතේ ඇතිවෙච්ච කල්පනාව දැනගෙන, මෙහෙම හිතුනා. “අහෝ! භවත්නි ඒකාන්තයෙන්ම ලෝකය ඉවරයි. අහෝ! භවත්නි ඒකාන්තයෙන්ම ලෝකය විනාශ වෙලා යාවි. අහෝ! තථාගත වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිතත් මන්දෝත්සාහී වීමටම යි නැමෙන්නෙ. දහම් දෙසීමට නොවෙයි!”
ඉතින් සහම්පතී බ්‍රහ්මයා බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ, දික් කළ අතක් හකුලනවා වගේ බඹලොවින් අතුරුදහන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහල වුනා.
ඊට පස්සෙ සහම්පතී බ්‍රහ්මයා උතුරු සළුව එක පැත්තකට පොරවගෙන, දකුණු දණමඬල පොළවේ තබාගෙන, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගෙන මෙහෙම කිව්වා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. ඔවුන්ට දහම් දෙසන්න නොලැබුනොත් පිරිහෙනවා. දහම් අසන්න ලැබුනොත් අවබෝධ කරන අය පහළ වෙනවා.” මෙහෙම කියල සහම්පතී බ්‍රහ්මයා ආයෙමත් මේ කරුණ පැවසුවා.
“මගධ දේශයේ කලින් පහළවෙලා තිබුනෙ කෙලෙස් මල සහිත උදවිය විසින් හිතපු අපිරිසිදු මතවාද ගොඩක්. ඒ නිසා අමා නිවන් දොර විවෘත කළ මැනව. නිර්මල බුද්ධි ඇති බුදු සමිඳුන්ගේ ධර්මය ලෝ වැස්සෝද අසත්වා!
ගල් පර්වතයක් මුදුනට නැග ගත් කෙනෙක්, හාත්පස බිම සිටින ජනතාව දකිනවා වගෙයි, හැමදේ දකින මුනිඳුනි, ප්‍රඥාවන්ත මුනිඳුනි, ඒ විදිහටම සද්ධර්මයෙන් කරන ලද සදහම් ප්‍රාසාදයට නැගල, ජාති ජරා දුකින් පෙළෙන, සෝ තැවුල් විඳින ජනතාව දෙස බලන සේක්වා!
මාර යුද්ධය ජයගත් වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. උතුම් ගැල් කරුවාණෙනි, ණය නැති මුනිඳාණෙනි, ලොව සැරිසරා වඩිනු මැනව, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය පහළ වෙනවාම යි.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාවත් දැනගෙන, ලෝ සතුන් කෙරෙහි පහළ මහා කරුණාවෙන් බුදු ඇසින් ලොව දෙස බලා වදාළා. භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දෙස බලද්දි, ලෝක සත්වයාව දැක්කා. සමහරුන්ට කෙලෙස් ටිකයි තියෙන්නෙ. සමහරුන්ට ගොඩාක් කෙලෙස් තියෙනවා. සමහරුන්ගේ බුද්ධිමය හැකියාව තියුණුයි. සමහරුන්ගේ බුද්ධිමය හැකියාව අඩුයි. සමහරුන්ට තේරුම්ගන්න ලේසියි. සමහරුන්ව තේරුම්ගන්න අමාරුයි. සමහරුන්ට පහසුවෙන්ම තේරෙනවා. සමහරුන්ට අවබෝධ කරවන්න අමාරුයි. සමහරු පරලොව ගැනත්, වැරදි ගැනත් භය ඇතුව ඉන්නවා. සමහරු පරලොව ගැනත්, වැරදි ගැනත් කිසි භයක් නැතුව ඉන්නවා.
මේ ලෝකය විලක් වගෙයි. ඒ විලේ මහනෙල් තියෙනවා. නෙළුම් තියෙනවා. සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම්, වතුරෙ හැදිල, වතුරෙ වැඩිල, ඒත් උඩට මතු නො වී වතුරෙ ගිලී තියෙනවා. සමහර මානෙල්, නෙළුම්, සුදු නෙළුම් වතුරෙ හැදිලා, වතුර වැඩිලා, වතුරෙන් උඩට ඇවිත් වතුරෙ ගෑවෙන්නෙ නැතුව තියෙනවා. අන්න ඒ විදියම යි භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දිහා බලද්දි, ලෝක සත්වයන්ව දැක්කා. සමහර සත්වයන්ට කෙලෙස් ටිකයි තියෙන්නෙ. සමහර සත්වයන්ට කෙලෙස් ගොඩක් තියෙනවා. සමහර සත්වයන්ගේ බුද්ධිමය හැකියාව තියුණුයි. සමහර සත්වයන්ගේ බුද්ධිමය හැකියාව මෘදුයි. සමහර සත්වයින්ව තේරුම්ගන්න ලේසියි. සමහර සත්වයින්ව තේරුම්ගන්න අමාරුයි. සමහර සත්වයින්ට අවබෝධ කරවන්න ලේසියි. සමහර සත්වයින්ට අවබෝධ කරවන්න අමාරුයි. සමහර සත්වයින් පරලොව ගැනත්, වැරදි ගැනත් භය ඇතුව ඉන්නවා. සමහර සත්වයින් පරලොව ගැනත්, වැරදි ගැනත් බය නැතුව ඉන්නවා. මේ විදියට ලෝක සත්වයන් දැකපු භාග්‍යවතුන් වහන්සේ සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පිළිතුරු දුන්නා.
“ලෝක සත්වයන්ට අමා නිවන් දොර විවෘත කළා. සවන් යුග ලබාගත් පින්වතුන්ට දැන් ශ්‍රද්ධාව ඇති කරගන්ට කාලයයි. පින්වත් බ්‍රහ්මය, මං හොඳින් ප්‍රගුණ කළ මේ ප්‍රණීත ධර්මය මිනිසුන්ට නොකීවේ එය වෙහෙසක්ය යන හැඟීම නිසයි.”
එතකොට සහම්පතී බ්‍රහ්මයා ‛භාග්‍යවතුන් වහන්සේ විසින් සදහම් දෙසන්නට ඉඩ ප්‍රස්ථා ලබාගත්තා’ යි සිතල භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල ප්‍රදක්‍ෂිණ කරලා, එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
Monday, August 31, 2009
Thursday, August 20, 2009
ආරාම දුෂක ජාතකය
තවද එක්සමයෙක්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ කොසොල් රට එක්තරා ගෙමෙක්හි වසනසේක් උධ්‍යානයක් දුෂ්‍ය කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.
සර්වඥයන් වහන්සේ වනාහී කොසොල්රට සැරිසරා වඩනාසේක් එක්තරා ගමකට පැමිණිසේක. ඒ ගමෙහි වසන එක් කෙළඹි පුත්‍රයෙක් සර්වඥයන් වහන්සේට ආරාධනා කොට තමාගේ උයනෙහි වැඩහිඳිනට සලස්වා බුදු පාමොක් මහා සංඝයාවහන්සේට දන්දී ස්වාමින් වහන්සේලා කැමති පරිද්දෙන් මේ උයනෙහි හැසිරෙන සේක්වයි කීයේය. භික්ෂූන් වහන්සේලා උන් තැනින් නැගී සිට උයන්ගොව්වා ගෙණ උයනෙහි හැසිරෙන්නාහූ එක් එලිවූ තැනැක් ඝනවූ ඡායාව ඇත්තේය මෙතැන්හි වෘක්‍ෂයක් හෝ ගසෙක් හෝ නැත්තේය. කවර කාරණයෙක්දැයි විචාළාහ. ස්වාමීන් වහන්ස මේ උද්‍යානය ගස් රෝපනය කරණ කල්හි ගම්දරුවෙක් දිය ඉස්නේ මෙතැන්හි පැල වුල් උදුරා මුල් මපණින් දිය ඉස්සේය. ඒ රුක්පැල මලානිකව මලේය. මේ කාරණයෙන් මේ ස්ථානය එලිවූයේයයි කීය. භික්ෂූන් වහන්සේලා සර්වඥයන් වහන්සේ කරා එලඹ මේ කාරණාව දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ මහණෙනි ඒ ගාමාදාරකතෙමේ ආරාමය දුෂ්‍යකෙළේ දැන් මතු නොවෙයි පූර්වයෙහිත් ආරාමය දූෂ්‍යකෙළේම යයි වදාරා ඉකුත්වත් කථාව වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි බරණැස් නුවර නකත් කෙළියට ඝෝෂා කළාහුය. නක්‍ෂත්‍ර හෙරි ශබ්දය ඇසූතැන්පටන් සියලු නුවර වැස්සෝ නකත්කෙළි ආශ්‍රය කොට හැසිරෙන්නාහුය. එකල්හි රජුහුගේ උයනෙහි බොහෝ වානරයෝ වසන්නා හුය. උද්‍යානපාලතෙම සිතනුයේ නක්‍ෂත්‍ර ක්‍රීඩාවට බොරලැවූත්‍යේය. මේ වානරයන්ට දිය ඉසුවයි කියා නක්‍ෂත්‍ර ක්‍රීඩා කෙරෙමියි සිතා ජෙෂ්ඨ වානරයා කරා එළඹ යහළු වානර ජෙෂ්ඨය මේ උද්‍යානය නුඹවහන්සේලාටද බොහෝ උප කාරය එහෙයින් නුඹවහන්සේලා මේ උයනෙහි පුෂ්පඵල ඵල්ලවයන් අනුභව කරවයි, නක්‍ෂත්‍ර ක්‍රීඩාවට ඝෝෂණය කෙළේය. මම නක්‍ෂත්‍ර ක්‍රීඩාකරන් නෙමි යම් කලකින් මම එම්ද ඒතාක් කල් මේ උයනේ රුක්පාල ගස්වලට දිය වත්කරන්ට හැකිවන්නාහු දැයි විචාළේය. යහපත හැකිවන්නෙමි කීයේය. එසේ වී නම් අප්‍රමාදවයි කියා දිය වත්කරණු පිණිස ඔවුන්ට සම්පයිද කාෂඨමය කළද දී ගියේය. වානරයෝ සම් පයිද දඬු කළද ගෙණ පැල ගස්හි දිය වත්කරන්නාහුය. ඉක්බිත්තෙන් ඔවුනට වානර රජතෙම කියනුයේ පින්වත්හු වානරයෙනි ජලය නම් රක්ෂා කටයුත්තේය. තෙපි පැල ගස්හි ජලය වත්කරන්නාහු ගස් උපුටා උපුටා මුල් බලා ගැඹුරුවගිය මුල්හි බොහෝ ජලය වත්කරව ගැඹුරුව නොගිය මුල්හි ස්වල්පයක් වත්කරව පසුව අපට ජලය ලැබගත නොහැක්කේයයි කීයේය. ඔහු වානර රජුහුගේ වචනය යහපතැයි පිළිගෙණ එලෙස කළාහුය. එසමයෙහි පණ්ඩිත පුරුෂයෙක් රාජ්‍යාද්‍යානයෙහි එලෙස කරන්නාවූ ඒ වානරයන් දැක මෙසේ කීයේය. පින්වත් වානරයෙනි කවර කාරණයනින් තෙපි අළුත රොපනය කරණලද පැලගස් උපුටා උපුටා මුල් පමණින් ජලය වත්කරන්නාහු දැයි කීයේය. ඒ වානරයෝ අපගේ වානර රජතෙම මෙසේ අවවාද දුන්නේයයි කීවාහුය නුවණැත්තා වූ පුරුෂතෙම ඒ වචනය අසා පින්වත්නි ඒ කාන්තයෙන් පිරීහීමක් වූයේය. අඥානවූ නුවණ නැත්තෝ වැඩක්කරම්හයි කියා අවැඩක් කරන්නාහුයයි සිතා මෙසේ කීයේය. අනර්ථයෙහි දක්ෂයා විසින් අර්ථයෙහි හැසීරීම සුවඑලන්නේ නොවෙයි නුවණ නැති තැනැත්තේ වැඩ පිරීහෙලන්නේය. කවරෙක්හු මෙන්ද කීවොත් උද්‍යානයෙහි නියුක්ත වානරයා වැඩකෙරෙමියි සිතා අවැඩ කෙළේයයි කියා මෙසේ ඒ නුවණැති පුරුෂ තෙම වානර රජහට නින්දා කොට තමාගේ පර්ෂිද් ගෙණ උයනින් නික්මුනේය. සර්වඥයන් වහන්සේ මහණෙනි මේ ගම ලදරුවා උයන දූෂ්‍ය කෙළේ දැන් මතු නොවෙයි පෙරත් උයන දුෂ්‍ය කෙළෙමි යයි වදාරා මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ ආරාම දුසක ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ප්‍රධාන වානරතෙම දැන් ආරාම දුෂ්‍ය කළ ගම්ලදරු වූයේය. පණ්ඩිත පුරුෂව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

Thursday, August 13, 2009
( සිංහයා ගැන වදාළ දෙසුම ) saha ( ගල් පතුර මුල් කොට වදාළ දෙසුම )
4.2.2.
සීහ සූත්‍රය
148. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේව පිරිවරාගත් විශාල පිරිසකට දහම් දෙසමින් හිටියේ.
එතකොට පාපී මාරයාට මෙහෙම හිතුනා. ‛මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මහා පිරිසක් පිරිවරාගෙන දහම් දෙසනවා. මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට යන්න ඕන. ගිහින් බණ අහන උදවියගේ නුවණැස වහන්න ඕන.’
එහෙම හිතලා පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.
“හා! ........... පිරිස මැද්දෙ විශාරදව සිංහනාද කරනවා නේද? දිනුව කියලද හිතාගෙන ඉන්නේ? තමුන්නාන්සෙට විරුද්ධකාරයෙක් ඉන්නවා.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මහාවීර වූ තථාගතයන් වහන්සේලා තථාගත බලයට පැමිණිලා ලෝකයේ තෘෂ්ණාවෙන් එතෙර වෙලයි ඉන්නෙ. ඉතින් ඇත්තෙන්ම උන්වහන්සේලා පිරිස් මැද්දෙ විශාරදව සිංහනාද කරනවා තමයි.”
එතකොට පවිටු මාරයා ‛භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
4.2.3.
සකලික සූත්‍රය
149. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර මද්දකුච්ඡි නම් මිගදායේ වැඩසිටියේ.
ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුලකට ගල් පතුරකින් පහරක් වැදිල තිබුණා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට ගොඩාක් ශාරීරික වේදනා දැනුනා. ගොඩාක් දුක් ඇතිවුනා. තියුණු, කර්කශ, අමිහිරි, අමනාප වේදනා ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේ හොඳ සිහි කල්පනාවෙන්, හොඳ නුවණින් යුතුව, ඒ පීඩා විඳින්නෙ නැතුව, ඒ වේදනාවන් ඉවසා වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දෙපට සිවුර හතරට නවලා ආසනයක් පණවගෙන, දකුණු ඇලයෙන් හාන්සි වුනා. වම් සිරිපතුල උඩින් දකුණු සිරිපතුල මදක් මෑත් කොට තබාගෙන සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් වැඩසිටියා.
එතකොට පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.
“මොකද නිදාගෙන ඉන්නෙ. මුළා වුනාද? එහෙම නැත්නම් කවි ගැන හිත හිත ඉන්නවා ද? ඇයි දැන් වැඩ නවත්තලා ද? මේ හුදෙකලාවෙ තනියම කුටියකට වෙලා, නිදිබර මුහුණු ඇතිව නිදාගන්නෙ මොකද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මුළාවෙලා නිදනවත් නෙවෙයි. කවි ගැන හිත හිත ඉන්න නිදනවත් නෙවෙයි. මං ලෝකෙට යහපතක් කරනව තමයි. නමුත් මං ශෝක රහිතව ඉන්න කෙනෙක්. මං හුදෙකලාවෙ තනියම කුටියකට වෙලා, මේ සැතපිලා ඉන්නෙත් සියලු සතුන් ගැන අනුකම්පාවෙන්ම යි.
යමෙකුගේ හිත ඇතුළට රාගාදී හුල් ඇනිල තියෙන කොට, ඔවුන්ගේ හදවත මොහොතක්, මොහොතක් පාසා කම්පා වෙනවා. ඉතින්, රාගාදී හුල් සහිතව ඒ උදවිය පවා නිදාගන්නවා නම්, ඒ හුල් කිසිවක් නැති, මං මොකටද නිදා නොගෙන ඉන්නෙ?
සැකෙන් ඇහැරගෙන ඉන්නවත් නෙවෙයි. නිදාගන්න භයකුත් නෑ. රෑදවල් දෙකේම මං තුළ තැවෙන කිසිදෙයක් නෑ. මගේ ජීවිතේ කොයි පැත්තකින්වත් පිරිහීමක් පේන්නෙ නෑ. ඒ නිසා, සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන්ම යි මං මේ සැතපෙන්නෙ.”
එතකොට පවිටු මාරයා ‛භාග්‍යවතුන් වහන්සෙ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම නොපෙනී ගියා.

Friday, August 7, 2009
part-3-බාල පන්ඩිත........
පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. බාලයා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පව් කයින් කරපු දුසිරිත්, වචනයෙන් කරපු දුසිරිත්, මනසින් කරපු දුසිරිත් තමන්ට මැවිලා පෙනෙන්නට පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. විශාල පර්වතයක ඡායාව සවස් වෙද්දී පොළොවේ වැතිරෙනවා. අන්න ඒ වගේ තමයි. බාලයා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පව් කයින් කරපු දුසිරිත්, වචනයෙන් කරපු දුසිරිත්, මනසින් කරපු දුසිරිත් තමන්ට මැවිලා පෙනෙන්න පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.
පින්වත් මහණෙනි, එතකොට බාලයාට මෙහෙම සිතෙනවා. ‛අයියෝ! මා යහපත් දෙයක් කරගත්තේ නෑ. කුසලයක් කරගත්තේ නෑ. බිය නැතිවෙන දෙයක් කරගත්තේ නෑ. මං පව් කළා නෙව. දරුණු දේවල් කළා නෙව. දුෂ්ට දේවල් කළා නෙව. යහපත් දේවල් නොකළ, කුසල් නොකළ බිය නැති වෙන දේවල් නොකළ, පව් කළ, රෞද්‍ර දේවල් කළ, දුෂ්ට දේ කළ උදවිය උපදින තැනක් ඇද්ද, මට මරණින් මත්තේ යන්නට වෙන්නේ එහෙ තමයි’ කියල බාලයා ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. පපුවේ අත් ගසමින් හඬනවා. සිහි මුළා වෙනවා. පින්වත් මහණෙනි, බාලයා මෙලොවදී ම දුක් දොම්නස් විඳින තුන්වෙනි කාරණාව මෙයයි.

Thursday, July 30, 2009
- බාලයා හා පණ්ඩිතයා ගැන වදාළ දෙසුම -2
සුඤ්ඤත වර්ගය
බාලපණ්ඩිත සූත්‍රය
පින්වත් මහණෙනිල නැවත අනෙකක් කියමිග රජවරු අපරාධකාරයෙක්ල සොරෙක් අල්ලාගෙන ඔහුට විවිධාකාර දඬුවම් පමුණුවන අයුරු බාලයාට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ, ඒ අපරාධකාරයාට කසෙන් තලනවා. වේවැලෙන් තලනවා, දඬු මුගුරුවලින් තලනවා, අත් කපල දානවා, කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කණ කපනවා, නාසයත් කපනව, කණ් නාසාත් කපනව හිස් කබල චප්ප කරල දානවා, හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා, යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝලා ඇදගෙන යනවා, බෙල්ලෙ ඉඳන් පහළටත් කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝලාල එකට ගැට ගහනවා, දණිස් දෙකෙත්ල වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරල ගින්නෙන් රත් කරනවා. කොකුවලින් ඇණ ඇණ මස් ලේ විසුරුවනවා, මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දානවාග ශරීරයෙ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා, පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලා, ඒ උලෙන් හිටෝලල කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දානවා, ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා, බල්ලන්ට කන්න දානවා, උලේ ඉන්දවනවා, හිස ගසා දානවා.
පින්වත් මහණෙනිල එතකොට බාලයාට මෙහෙම සිතෙනවා, මේ අපරාධකාරයන්ව අල්ලාගෙන රජ දරුවෝ විවිධාකාර දඬුවම් දෙනවා නෙව කසෙන් තලනවා, වේවැලෙන් තලනවා, දඬු මුගුරු වලින් තලනවා, අත් කපල දානව, කකුල් කපල දානව, අත් කකුල් කපල දානවා, කණ කපනවා, නාසයත් කපනවා, කණ් නාසාත් කපනවා, හිස් කබල චප්ප කරල දානවා, හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා, යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා, බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල ඇදගෙන යනවා, බෙල්ලෙ ඉඳන් පහළටත් කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල එකට ගැට ගහනවා දණිස් දෙකෙත්ල වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලාල ගින්නෙන් රත් කරනවා කොකුවලින් ඇණ ඇණ මස් ලේ විසුරුවනවා, මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවාග පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලා ඒ උලෙන් හිටෝලා කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරලා දානවා, ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවාග බල්ලන්ට කන්න දානවා, උලේ ඉන්දවනවා, හිස ගසා දානවා, මා අතිනුත් මෙවැනි අපරාධ සිද්ධ වෙලා තියෙනවා, මේ අපරාධ තුළ තමයි මම ඉන්නෙත් ඉදින් රජවරුන් මාව හඳුනාගත්තොත් මාවත් අල්ලගෙන ගිහින් මේ විදිහේ විවිධාකාර දඬුවම් දේවිග මාවත් කසෙන් තලාවි වේවැලෙන් තලාවි දඬු මුගුරුවලින් තලාවි අත් කපලා දමාවි, කකුල් කපලා දමාවි, අත් කකුල් කපලා දමාවි, කණ කපාවි, නාසයත් කපාවි, කණ් නාසාත් කපාවි හිස් කබල චප්ප කරල දමාවි, හිස් කබලේ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරාවි, යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබාවි, ඇඟෙ තෙල් පාන්කඩ ඔතල ගිනි තියාවි, අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියාවි, බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල ඇදගෙන යාවි, බෙල්ලෙ ඉඳන් පහළටත්ල කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල එකට ගැට ගසාවිග දණිස් දෙකෙත්ල වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලල ගින්නෙන් රත් කරාවිල කොකු වලින් ඇණ ඇණ මස් ලේ විසුරුවාවිග මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දමාවිග ශරීරයෙ තැනින් තැන සිදුරු කරල ලෝදිය දමාවි. පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලාල ඒ උලේ හිටෝලාල කකුල් දෙකෙන් වටේට කරකවාවිග ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දමාවි, ගින්නෙන් කකාරගත්තු තෙල් වලින් නාවාවි, බල්ලන්ට කන්න දමාවි, උලේ ඉන්දවාවිග හිස ගසා දමාවි’ කියලාග පින්වත් මහණෙනිල බාලයා මේ ජීවිතය තුළදී ම දුක් දොම්නස් විඳවන දෙවෙනි කරුණ මෙයයි.

Subscribe to:
Posts (Atom)